දේශීයව නිෂ්පාදනය කරනු ලබන මෙන්ම මෙරටට ආනයනය කරනු ලබන සනීපාරක්ෂක තුවා (Sanitary Towels) සඳහා ශ්රී ලංකා ප්රමිති ආයතනය විසින් නිකුත් කරනු ලබන SLS භාණ්ඩ සහතික ලාංඡනය තිබීම අනිවාර්ය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 12(2) වගන්තිය යටතේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැඩබලන සභාපති එස්. එම්. ඩී. සූරියකුමාරගේ අත්සනින් යුතුවයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.
මෙම නව නීතිය 2026 ඔක්තෝබර් මස 08 වන දින සිට ක්රියාත්මක වීමට නියමිතයි.
මෙම නව ගැසට් නිවේදනයට අනුව පහත දැක්වෙන ප්රමිති පිරිවිතරයන්ට අදාළ නිෂ්පාදන සඳහා SLS සහතිකය තිබීම අනිවාර්ය කර තිබෙනවා.
එක්වරක් පමණක් භාවිතා කළ හැකි සනීපාරක්ෂක තුවා (Sri Lanka Standard Specification for Single use sanitary towels - SLS 1732)
එක්වරක් පමණක් භාවිතා කළ හැකි සිහින්/තුනී සනීපාරක්ෂක තුවා (Sri Lanka Standard Specification for single-use ultra-thin/slim sanitary towels - SLS 1748)
මෙම විධානය ක්රියාත්මක වන දිනයේ සිට, ඉහත සඳහන් SLS භාණ්ඩ සහතික ලාංඡනය නොමැතිව කිසිදු නිෂ්පාදකයෙකු, අසුරන්නෙකු, බෙදාහරින්නෙකු, ප්රවාහනය කරන්නෙකු, ගබඩා කරන්නෙකු හෝ වෙළෙන්දෙකු විසින් තොග වශයෙන් හෝ සිල්ලර වශයෙන් අදාළ සනීපාරක්ෂක තුවා, නිෂ්පාදනය කිරීම, ඇසිරීම, බෙදාහැරීම, ප්රවාහනය කිරීම, ගබඩා කිරීම, විකිණීම, විකිණීම සඳහා ඉදිරිපත් කිරීම හෝ ප්රදර්ශනය කිරීම නොකළ යුතු බවට නියෝග කර තිබෙනවා.
එමෙන්ම, ආනයනය කරනු ලබන සනීපාරක්ෂක තුවා ද ශ්රී ලංකා ප්රමිති ආයතනය විසින් ක්රියාත්මක කරනු ලබන ආනයන පරීක්ෂණ ක්රමය යටතේ පරීක්ෂා කර විකිණීම සඳහා අනුමත කර තිබීම අනිවාර්ය වනු ඇති අතර, එලෙස අනුමත කර නොමැති නිෂ්පාදන කිසිදු ආනයනකරුවෙකු, බෙදාහරින්නෙකු හෝ වෙළෙන්දෙකු විසින් ආනයනය කිරීම, ගබඩා කිරීම හෝ විකිණීම නොකළ යුතු බව මෙම ගැසට් නිවේදනය මඟින් වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.

Latest News
අමෙරිකානු ප්රහාරවලට ඉරානයෙන් තවදුරටත් ප්රතිප්රහාර
Local
17 July 2026
මත්තල බිලියන 04ක් පාඩුයි!: ජනපති හමුවේ හෙළිවෙයි
Local
17 July 2026
අස්වැසුම ප්රතිලාභීන්ගෙන් මුදල් වංචා කිරීමේ ජාවාරමක්
Local
17 July 2026
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා 28 වැනිදා දක්වා යළි රිමාන්ඩ්
Local
17 July 2026
ඩොලරයේ විකුණුම් මිල අද රු. 340.78
Local
17 July 2026
අමෙරිකාවෙන් බ්රසීලයට නව තීරු බද්දක්
Local
17 July 2026
ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ හිමිකරු තරග පාවාදීමේ චෝදනා මත අත්අඩංගුවට
Local
17 July 2026
සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව ගොනු කළ අතරමැදි පෙත්සම් සලකා බැලීමට දින දෙයි
Local
17 July 2026
2025ට වඩා තේ නිෂ්පාදනය කිලෝග්රෑම් මිලියන 3.88කින් පහළට - නවතම වාර්තාවකින් හෙළිවෙයි
Local
17 July 2026
ට්රම්ප්ගේ කතාවල රහස් වලින් ඔට්ටු තබා ඩොලර් ලක්ෂයක් උපයූ ධවල මන්දිරයේ ටෙලිප්රොම්ප්ටර් නිලධාරියාගේ වැඩ තහනම්!
Local
17 July 2026