අමෙරිකා එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්, සංස්කෘතික හුවමාරු වැඩසටහන් සඳහා පැමිණෙන පුද්ගලයන් සහ විදේශීය මාධ්‍යවේදීන් සඳහා ලබා දෙන වීසා බලපත්‍රවල කාලසීමාවන් දැඩි ලෙස සීමා කිරීමට ට්‍රම්ප් පරිපාලනය පියවර ගෙන තිබෙනවා.
රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇති පරිදි, අමෙරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව (DHS) විසින් මේ සම්බන්ධයෙන් වන නවතම අවසන් රීති මාලාවක් ඊයේ (16) ප්‍රකාශයට පත් කර තිබෙනවා.
2025 ජනවාරි මාසයේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ධුරයට පත්වීමෙන් පසු ආරම්භ කළ පුළුල් ආගමන විගමන මර්දන වැඩපිළිවෙළේ තවත් එක් පියවරක් ලෙස මෙය ක්‍රියාවට නැංවෙනවා.
මෙතෙක් ක්‍රියාත්මක වූ ක්‍රමවේදය අනුව විදෙස් සිසුන් සඳහා වන 'F' වීසා, සංස්කෘතික හුවමාරු සේවකයන් සඳහා වන 'J' වීසා සහ මාධ්‍යවේදීන් සඳහා වන 'I' වීසා බලපත්‍ර, ඔවුන්ගේ අධ්‍යාපන පාඨමාලාව හෝ රැකියා කාලසීමාව පවතින තාක් කල් (Duration of Status) වලංගු වුණා.
නමුත් නව නීති යටතේ ඒ සඳහා නිශ්චිත ස්ථාවර කාලසීමාවන් හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව, සිසුන් සහ සංස්කෘතික හුවමාරු වීසා වලංගු කාලය උපරිම වසර 4කට සීමා වන අතර, විදේශීය මාධ්‍යවේදීන් සඳහා වන වීසා බලපත්‍ර දින 240ක් දක්වා සීමා කෙරෙනවා.
චීන ජාතික මාධ්‍යවේදීන් සඳහා මෙම සීමාව දින 90ක් දක්වා තවදුරටත් අඩු කර තිබෙනවා.
කෙසේ වුවද, මෙම කාලසීමාවන් ඉක්මවා රැඳී සිටීමට අවශ්‍ය නම් වීසා දීර්ඝ කර ගැනීම (Extensions) සඳහා අයදුම් කිරීමට අවස්ථාව පවතිනවා.
මීට අමතරව, විදේශීය උපාධිධාරී සිසුන්ට තම අධ්‍යාපන අරමුණු වෙනස් කිරීමට හෝ පූර්ව අනුමැතියකින් තොරව වෙනත් විශ්වවිද්‍යාලයකට මාරු වීමට නව රෙගුලාසි මගින් තහනම් කර තිබෙනවා.
එමෙන්ම, අධ්‍යාපන හෝ පුහුණු කටයුතු සාර්ථකව නිම කිරීමෙන් පසු අමෙරිකාවෙන් පිටවීම සඳහා මෙතෙක් ලබා දී තිබූ දින 60ක සහන කාලය (Grace Period) දින 30ක් දක්වා අඩකින් අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.
අමෙරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසන්නේ, විදේශීය සිසුන් සහ නියෝජිතයන් පැමිණීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින් ඔවුන් නිරීක්ෂණය කිරීමේ සහ අධීක්ෂණය කිරීමේ අපහසුතාවක් මතුව ඇති බවයි.
2024 වසරේදී පමණක් විදෙස් සිසුන් මිලියන 1.8කට අධික පිරිසක් අමෙරිකාවට ඇතුළු වී ඇති අතර, එය පෙර වසරට වඩා 11%ක වර්ධනයක්.
ඇතැම් පුද්ගලයන් මෙම වීසා බලපත්‍ර උපයෝගී කරගනිමින් දශක කිහිපයක් තිස්සේ අමෙරිකාවේ රැඳී සිටින බව ද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.
කෙසේ වුවද, මෙම නව නීතිරීති සම්බන්ධයෙන් විවිධ ආයතන සහ විශේෂඥයන්ගෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතිනවා.
කැටෝ ආයතනයේ (Cato Institute) ආගමන විගමන අධ්‍යයන අධ්‍යක්ෂ ඩේවිඩ් ජේ. බියර් පවසන්නේ, වසර ගණනාවක් අමෙරිකාවේ ගත කළ සිසුන්ට සිය අධ්‍යාපනය නිම වී දින 30ක් වැනි කෙටි කාලයක් ඇතුළත තමන්ව අනුග්‍රහය දක්වන (Sponsor) සේවා යෝජකයෙකු සොයා ගැනීමට නොහැකි වුවහොත් ඔවුන් වහාම නීති විරෝධී සංක්‍රමණිකයන් බවට පත්වන බවයි.
හිටපු රාජ්‍ය නිලධාරියෙකු වන ඩග් රෑන්ඩ් ප්‍රකාශ කළේ මෙමගින් අනවශ්‍ය රතු පටි ක්‍රමයක් නිර්මාණය වන බවයි.
මෙම නව නීති මාලාව ෆෙඩරල් ලේඛනාගාරයේ ප්‍රකාශයට පත් කර දින 60කින් පසුව, කොංග්‍රස් මණ්ඩලයේ සමාලෝචනයට යටත්ව බලාත්මක වීමට නියමිතයි.

Latest News
අමෙරිකානු ප්‍රහාරවලට ඉරානයෙන් තවදුරටත් ප්‍රතිප්‍රහාර
Local
17 July 2026
මත්තල බිලියන 04ක් පාඩුයි!: ජනපති හමුවේ හෙළිවෙයි
Local
17 July 2026
අස්වැසුම ප්රතිලාභීන්ගෙන් මුදල් වංචා කිරීමේ ජාවාරමක්
Local
17 July 2026
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා 28 වැනිදා දක්වා යළි රිමාන්ඩ්
Local
17 July 2026
ඩොලරයේ විකුණුම් මිල අද රු. 340.78
Local
17 July 2026
අමෙරිකාවෙන් බ්‍රසීලයට නව තීරු බද්දක්
Local
17 July 2026
ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ හිමිකරු තරග පාවාදීමේ චෝදනා මත අත්අඩංගුවට
Local
17 July 2026
සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව ගොනු කළ අතරමැදි පෙත්සම් සලකා බැලීමට දින දෙයි
Local
17 July 2026
2025ට වඩා තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 3.88කින් පහළට - නවතම වාර්තාවකින් හෙළිවෙයි
Local
17 July 2026
ට්‍රම්ප්ගේ කතාවල රහස් වලින් ඔට්ටු තබා ඩොලර් ලක්ෂයක් උපයූ ධවල මන්දිරයේ ටෙලිප්‍රොම්ප්ටර් නිලධාරියාගේ වැඩ තහනම්!
Local
17 July 2026