සංවිධානාත්මක අපරාධකරුවකුවකුට පහසුකම් සැලසීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ සිද්ධියකට අදාළව අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් නීතීඥ රඛිත නිර්මල රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් වසන්ත කුමාර අබේසිංහ සහ සිවිල් හා ගුවන් සේවා අධිකාරියේ ගුවන් තොටුපල හා ගුවන් සේවා ශ්රී ලංකා සමාගමේ හිටපු අධ්යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ වරුෂහැන්නැදිගේ අරුණ ශ්රී චතුරංග යන අය ලබන 28 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම අද (17) නියෝග කළා.
එදිනට ඇප ලබාදීම සම්බන්ධයෙන් නියෝගය ලබා දෙන බවද මහේස්ත්රාත්වරයා එහිදි නියෝග කර තිබෙනවා.
එම අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි සහකාර අධ්යක්ෂක නීති අනූෂා සම්බන්ධප්පෙරුම සඳහන් කර සිටියේ ඊයේ (16) දින මෙම සිද්ධියට අදාළ දෙවන සැකකරු වන රඛිත නිර්මල රාජපක්ෂ විසින් දිවුරුම් ප්රකාශයක් අල්ලස් කොමිසමට ලබා දෙමින් ඇප ලබා දීම සම්බන්ධයෙන් කරුණු දක්වා ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් වාචිකව අද දින අධිකරණයට කරුණු දැක්වීමට බලාපොරොත්තු නොවන බවත්, ලිඛිතව අධිකරණයට ඉදිරිපත් කරන බවත්, සහකාර අධ්යක්ෂකවරිය අධිකරණයට දන්වා සිටියා.
තවද මෙම සිද්ධියට අදාළව පෙර නඩු දිනයේදී සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරුන් විසින් මෙම සිද්ධියේ පැමිණිලිකාරිය වන මහේෂිකා මදුවන්ති නැමැත්තේගෙන් ප්රකාශයක් ලබා ගැනීමට කටයුතු කරන ලෙස දන්වා සිටියා.
ඒ අනුව ඇය විසින් ප්රකාශ ඇතුළත් විඩියෝ පටයක් අල්ලස් කොමිසම වෙත එවා ඇති බව සහකාර නීති අධ්යක්ෂකවරිය අධිකරණයය දැන්වුවා.
හරක් කටා නමැත්තාගේ බිරිඳ වන මහේෂිකා මදුවන්ති විසින් එවා ඇති එම වීඩියෝ දර්ශන පටයේ සඳහන්ව තිබූ කරුණු සම්බන්ධයෙන් මෙලෙස අධිකරණයට කරුණු දැක්වුවා.
සහකාර අධ්යක්ෂක නීතීඥවරිය,
"ස්වාමීනි මෙම සිද්ධියට අදාළව හරක් කටා නමැත්තාගේ බිරිඳ වන මහේෂිකා මධුවන්ති විසින් වීඩියෝ පටයක් අපට ලබා දී තිබෙනවා. එහි දක්වා තිබෙන පරිදි ඇය විසින් මෙම අල්ලස් මුදල සැකකරුවන් හට ලබා දුන් බව පවසා තිබෙනවා. තවද මෙම අල්ලස් මුදල ලබා දීම සම්බන්ධයෙන් කරන ලද දුරකථන ඇමතුම්වලදී පටිගත කිරීම්ද අල්ලස් කොමිසමට මහේෂිකා මධුවන්ති විසින් ඒවා තිබෙනවා.
සිද්ධියට අදාළව වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් සහකාර අධ්යක්ෂක නීතීඥවරිය පවසා සිටියේ, මෙම සිද්ධියට අදාළව ඉහළ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ද සම්බන්ධ බවට කරුණු අනාවරණය වන බවයි.
" ස්වාමීනි, මෙම ලබා ගන්නා ලද අල්ලස් මුදල ස්වාමීන් වහන්සේ නමක් හරහා ඉහළ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් වෙත ලබා දී ඇති බවට කරුණු අනාවරණය වෙනවා. ඒ සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශන කටයුතු සිදු කරනවා."
තවද මෙම සැකකරුවන් තිදෙනා මෙැනිම තවත් අල්ලස් සිද්ධියට සම්බන්ධ වී ඇති බවට අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ලැබි ඇති බවද සහකාර අධ්යක්ෂක නීතීඥවරිය අධිකරණයට පවසා සිටියා.

Latest News
අගෝස්තු 5 පාකිස්ථානය පුරා දැවැන්ත විරෝධතා රැල්ලක්
Local
17 July 2026
ප්රදේශ කිහිපයක සුළගේ වේගය හෙටත් ඉහළට
Local
17 July 2026
2026 ලෝක කෘත්රිම බුද්ධි සමුළුව චීනයේදී -චීන ජනපතිගෙන් යෝජනා රැසක්
Local
17 July 2026
FACETS Sri Lanka 2027 ජනවාරි 4 සිට 6 දක්වා Cinnamon Life හිදී
Local
17 July 2026
ඉන්දීය වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ජයග්රාහක මන්ජොත් කල්රා අත්අඩංගුවට : LPL උඩුයටිකුරු කරමින් ක්රීඩකයෙකුට මිලියන 9.5ක් දෙන්න ගිහින්
Local
17 July 2026
නි. ඇමති එරංග ගුණසේකරට සහ පා.ම. ජගත් මනුවර්ණට වරෙන්තු
Local
17 July 2026
ලෝක කෘත්රිම බුද්ධි සහයෝගිතා සංවිධානය පිහිටුවීමට රටවල් 29 ක් ගිවිසුම්ගත වෙයි
Local
17 July 2026
ආරක්ෂක සහයෝගීතාව නැංවීමට ඉන්දියාව සහ ජපානය සූදානමින්
Local
17 July 2026
හිටපු පොලිස්පති සී. ඩී. වික්රමරත්නගේ මරණය ගැන විමර්ශන කටයුතු බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසයට
Local
17 July 2026
''වීදි සතුන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලනවා'' - අගමැති හරිනි
Local
17 July 2026