වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ 2026 වසරේ ප්‍රගතිය සහ 2027 වසරේ අයවැය ප්‍රතිපාදන පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (15) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.
එහිදී අනාවරණය වුණේ මත්තල ගුවන්තොටුපොළ මේ වන විට දිනකට රුපියල් මිලියන 6-7ත් අතර, එනම් වසරකට රුපියල් බිලියන 4ක පමණ අලාභයක් ලබන බවයි.
මෙම තත්ත්වය මඟ හරවා ගැනීම සඳහා විකල්ප යෝජනා මෙහිදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
මේ යටතේ මත්තල ගුවන්තොටුපොළ සඳහා ආයෝජන යෝජනා මේවන විට කැඳවා ඇති බවත්, වසර 2027 වන විට ඊට අදාළ කටයුතු අවසන් කළ හැකි බවත්, මෙහිදී සඳහන් කර තිබෙනවා.
වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ගුවන්තොටුපළ සහ ගුවන් සේවා පුද්ගලික සමාගම (AASL), සිලෝන් ෂිපිං කෝපරේෂන් (CSCL), ශ්‍රී ලංකන් ගුවන් සමාගම (SLA), ශ්‍රී ලංකා කේටරින්, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය, වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා වරාය කළමනාකරණ සහ උපදේශන සේවා පුද්ගලික සමාගම, ජයා කන්ටේනර් ටර්මිනල්ස් ලිමිටඩ් (JCT) යන ආයතනවල ක්‍රියාකාරිත්වය, 2026 අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ මෙහිදී විමසා බලා තිබුණා.
මෙහිදී ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ඉන්දියානු රජයේ ආධාර මගින් වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා වරාය සංවර්ධන වැඩසටහන, කන්කසන්තුරේ වරාය ප්‍රතිසංස්කරණය ඇතුළු සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක්ව තිබෙනවා.
එමෙන්ම කොළඹ වරායේ Logistic Park, දකුණු වරායේ දියකඩනය දීර්ඝ කිරීම සහ බටහිර පර්යන්තයේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීමත්, කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා සියලු කටයුතු ඩිජිටල්කරණය කිරීමත් ආදී කරුණු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව සඳහන්.
තවද වසර 2055 වන විට වාර්ෂික මගී ධාරිතාව මිලියන 24.2ක් දක්වා ඉහළ නැංවීම ඉලක්ක කර ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි වසර 3කින් අවසන් කිරීමට නියමිත කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ සංවර්ධන සැලැස්ම පිළිබඳ නිලධාරීන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කර තිබෙනවා.
මේ යටතේ වසර 2027 වසර තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ පවතින පැමිණීමේ සහ පිටවීමේ පර්යන්ත පුළුල් කිරීම, නව පර්යන්තය ඉදිකිරීම සහ ඩිපෝ ප්‍රසාරණ කටයුතු අවසන් කිරීමට සැලසුම් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.
එසේම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආශ්‍රිතව මගී ප්‍රවාහන සේවා විධිමත් හා කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා.
තවද සියලු ගුවන්තොටුපොළ සේවා ඩිජිටල්කරණය කිරීම සඳහා ඩිජිටල් අමාත්‍යාංශය සමග ඒකාබද්ධව කටයුතු කරමින් පවතින බවද මෙහිදී අනාවරණය කෙරුණා.
හිඟුරක්ගොඩ ඇතුළු අභ්‍යන්තර ගුවන්තොටුපොළවල සංවර්ධන කටයුතුවල වත්මන් තත්ත්වය පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණු අතර, එම ගුවන්තොටුපොළවල සිවිල් මගී මෙහෙයුම් සිදු කිරීමේදී ගුවන් හමුදාව සමඟ සම්බන්ධීකරණය කරමින් වඩාත් කාර්යක්ෂම යාන්ත්‍රණයක් සකස් කිරීමටත්, එක් එක් ගුවන් තොටුපොළවල අවශ්‍යතාව පිළිබඳ වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව ඒකාබද්ධ සමාලෝචනයක් සිදු කර ඒ පිළිබඳ ඇගයීම් වාර්තාවක් සකස් කරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා.
මේ අතර යාපනය ගුවන්තොටුපොළ මගී පර්යන්තය නවීකරණය කර එහි පහසුකම් වැඩිදියුණු කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි මෙහිදී අනාවරණය කර ඇත්තේ.
ආයතන සතු මූල්‍ය ශක්තිය භාවිත කරමින් සහ ඉදිරි සංවර්ධන ව්‍යාපෘති සඳහා අවශ්‍ය මුදල් කළමනාකරණය කරමින්, ජනතා බදු මුදල්වලට බරක් නොවන ලෙස රාජ්‍ය භාණ්ඩාගාරයට උපරිම දායකත්වයක් ලබා දීමට අදාළ ආයතන කටයුතු කළ යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නා.

Latest News
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මියගිය හැටි ගැන පොලිසියෙන් නිවේදනයක්
Local
17 July 2026
අගෝස්තු 5 පාකිස්ථානය පුරා දැවැන්ත විරෝධතා රැල්ලක්
Local
17 July 2026
ප්‍රදේශ කිහිපයක සුළගේ වේගය හෙටත් ඉහළට
Local
17 July 2026
2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව චීනයේදී -චීන ජනපතිගෙන් යෝජනා රැසක්
Local
17 July 2026
FACETS Sri Lanka 2027 ජනවාරි 4 සිට 6 දක්වා Cinnamon Life හිදී
Local
17 July 2026
ඉන්දීය වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ජයග්‍රාහක මන්ජොත් කල්රා අත්අඩංගුවට : LPL උඩුයටිකුරු කරමින් ක්‍රීඩකයෙකුට මිලියන 9.5ක් දෙන්න ගිහින්
Local
17 July 2026
නි. ඇමති එරංග ගුණසේකරට සහ පා.ම. ජගත් මනුවර්ණට වරෙන්තු
Local
17 July 2026
ලෝක කෘත්‍රිම බුද්ධි සහයෝගිතා සංවිධානය පිහිටුවීමට රටවල් 29 ක් ගිවිසුම්ගත වෙයි
Local
17 July 2026
ආරක්ෂක සහයෝගීතාව නැංවීමට ඉන්දියාව සහ ජපානය සූදානමින්
Local
17 July 2026
හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නගේ මරණය ගැන විමර්ශන කටයුතු බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසයට
Local
17 July 2026