General19 July 2026

ඩෙංගු මරණවලින් සියයට 70ක් කාන්තාවන්

ඩෙංගු රෝගයෙන් ආරක්ෂාව වීම සම්බන්ධයෙන් කාන්තාවන් දැඩි ලෙස සැලකිලිමත් විය යුතු බව ජාතික ඩෙංගු මර්දන ඒකකය යළි අවධාරණය කරනවා.

එහි වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර සඳහන් කළේ, දැනට වාර්තා වී ඇති ඩෙංගු මරණවලින් සියයට 70ක පමණ ප්‍රතිශතයක් කාන්තාවන් බවයි.

මෙම වසරේදී වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගෙන් සියයට 88කට වැළඳී ඇත්තේ ඩෙංගු 2වැනි වෛරස් ප්‍රභේදය බව ද ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළා.
Related recommendation
Hiru TV News | Programmes