වසර හයක සේවා කාලයක් සම්පූර්ණ කරමින් ශ්‍රී ලංකාවේ චීන මහජන ජනරජයේ තානාපති ෂී ෂෙන්ග්හොන්ග් (Qi Zhenhong) සහ බිරිඳ මෙරටින් නික්ම යාමට සූදානම් වෙනවා.
සිය ධුර කාලය අවසන් කරමින් විශේෂ සමුගැනීමේ ප්‍රකාශයක් (Farewell Statement) නිකුත් කරන තානාපතිවරයා, "සමුගනිමු ලංකා; කඳු හෙල් සහ සාගර තරණය කරමින් අපි එකිනෙකාගේ කතාව ඉදිරියට ලියමු" යන්න තේමා කරගනිමින් සිය කෘතඥතාව සහ අදහස් පළ කර තිබෙනවා.
තමන්ගේ රාජ්‍යතාන්ත්‍රික ජීවිතයේ දීර්ඝතම සේවා කාලය ශ්‍රී ලංකාවේ ගත කළ බව පවසන ෂී ෂෙන්ග්හොන්ග්, පසුගිය වසර හය පුරා පැවැති අභියෝගාත්මක කාලපරිච්ඡේදයන්හිදී දෙරට අතර සබඳතාව තවදුරටත් ශක්තිමත් වූ බව පෙන්වා දෙනවා.
කොවිඩ්-19 වසංගත සමය, ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය, 'දිත්වා' (Ditwah) සුළි සුළං ආපදාව මෙන්ම මැදපෙරදිග අර්බුදය හමුවේ ඇති වූ බලශක්ති අර්බුදය වැනි සෑම අවස්ථාවකදීම චීනය සහ ශ්‍රී ලංකාව එකිනෙකා ළඟ නොසැලී සිටි බව තානාපතිවරයා සිහිපත් කරනවා.
ඓතිහාසික 'රබර්-සහල් ගිවිසුමේ' අන්තර්ගත වූ ස්වාධීනත්වය, ස්වයංපෝෂිතභාවය සහ එකිනෙකාට උපකාර කරගැනීමේ පරමාදර්ශී පදනම මත පිහිටා දෙරටේ මිත්‍රත්වය ඉදිරියට ගිය බව ඔහු සඳහන් කරනවා.
එළඹෙන වසරේදී චීනය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ වී වසර 70ක් පිරෙන බව සිහිපත් කරන තානාපතිවරයා, ඉදිරියටත් දෙරට අතර වෙළෙඳ, සංචාරක, කෘෂිකාර්මික, ඩිජිටල් පරිවර්තන, නව බලශක්ති සහ සාගර ආර්ථික ඇතුළු ක්ෂේත්‍ර රැසක සහයෝගීතාව වර්ධනය කරගැනීමට චීනය සූදානම් බව සඳහන් කළා.
ශ්‍රී ලංකාවේ රජයට, පාර්ලිමේන්තුවට, දේශපාලන පක්ෂවලට, මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්ට, මාධ්‍යයට සහ සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවට සිය පූර්ණ කෘතඥතාව පළ කර සිටින තානාපති ෂී ෂෙන්ග්හොන්ග්, තමන් කොතැනක සිටියද ශ්‍රී ලංකා-චීන මිත්‍රත්වය වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටින බව ප්‍රකාශ කරමින් සිය සමුගැනීමේ පණිවිඩය අවසන් කර තිබෙනවා.

Latest News
බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයට සැකපිට දෙදෙනෙක් නවගමුවේදී අත්අඩංගුවට
Local
25 July 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති උපාලි ධර්මදාස අභාවප්‍රාප්ත වෙයි
Local
25 July 2026
බෙල්ලන්විල වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අවන්හල් හිමිකරු ජීවිතක්ෂයට
Local
25 July 2026
ජනපති මන්දිර පරිශ්‍රවල නතර වුණේ ආරක්ෂක හා මාධ්‍ය ඇතුළු නිලධාරීන් පමණයි – ජනාධිපති මාධ්‍ය අංශය කියයි
Local
25 July 2026
බෙල්ලන්විල වෙඩි තැබීමකින් අයෙක් රෝහලට
Local
25 July 2026
දෙමළ දේශපාලන පක්ෂ හයක් ජනපති හමුවීමට ඉල්ලයි
Local
25 July 2026
අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වීමෙන් පසු ඉන්දියාවේ සිසු විරෝධතා අවසන්
Local
25 July 2026
රට වටේම ජනපති මන්දිරවල නඩත්තු බිල කෝටි 3.5 පනී! : ගිය වසරේ පුද්ගලයන් 3,089කටත් නවාතැන් දීලා
Local
25 July 2026
80 වැනි බ්‍රැඩ්බි පළිහ නැවතත් ත්‍රිත්ව විද්‍යාලයට
Local
25 July 2026
දූෂණ විරෝධී විධිවිධාන උල්ලංඝනය කළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ගිවිසුම අහෝසි කෙරේ
Local
25 July 2026