General25 July 2026

ඉන්දියාවට පලා ගිය මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ඉන්දියාවට පලා ගොස් සිටි මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු තමිල්නාඩු රාමේෂ්වරම්හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ, ජී. විග්නේෂ්වරන් (31) සහ එම්. ලුසිනාත් (30) වන ඔවුන්, මෙරට ගම්පහ සහ වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටයි.
 
ඔවුන් මන්නාරම - පේසාල ප්‍රදේශයෙන් බෝට්ටුවක් ආධාරයෙන් ඉන්දියාවට පලාගොස් තිබුණා.
 
එසේම මෙම පුද්ගලයින් දෙදෙනාම මෙරට මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු තුනකට මුහුණ දී සිටින අතර, සතියක් ඇතුළත ඔවුන් නැවත මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කෙරෙන බවටයි සඳහන් වෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes