බෝවතැන්න ජලාශයේ ජලය සම්පූර්ණයෙන්ම හිස් කිරීම ලබන 17 වැනිදා ආරම්භ කිරීමට නියමිත බව ජලාශ භාර ඉංජිනේරු බුද්ධික නවරත්න ප්‍රකාශ කරනවා.
දිවයින පුරා පිහිටි ජලාශවල රොන්මඩ ඉවත් කිරීමේ ජාතික වැඩසටහනේ නියමු ව්‍යාපෘතියක් (Pilot Project) ලෙස මෙය සිදු කරන බවයි ජලාශ භාර ඉංජිනේරුවරයා කියා සිටියේ.
බෝවතැන්න ජලාශය ඉදිකර වසර පනහක් ගතවී ඇති එහි ජල ධාරිතාව ඝන මීටර් මිලියන 56ක් ලෙස ලේඛනගතව තිබුණද, 2014 වසරේ සිදුකළ සමීක්ෂණයකින් එය ඝන මීටර් මිලියන 23 දක්වා අඩුවී ඇති බව අනාවරණය වී තිබුණා.
කලාවැව ද්‍රෝණියට ජලය ලබාදෙන උමගේ ප්‍රවේශ ඇල මාර්ගය මීටර් හතරක පමණ ප්‍රමාණයක් රොන් මඬෙන් වැසී පැවතීම හේතුවෙන්, ජලාශයේ ජලය හිස්කර එම ඇල මාර්ගය මීටර් සියයක දුරකට සුද්ධ පවිත්‍ර කිරීමට නියමිතයි.
එහිදී ඝන මීටර් 10,000ක පමණ රොන්මඩ ප්‍රමාණයක් ඉවත් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
නව තාක්ෂණය ඔස්සේ ජලාශයේ රැඳවිය හැකි ජල ප්‍රමාණය නැවත සමීක්ෂණය කිරීම, ජල විදුලි උත්පාදන මාර්ගයේ රොන් මඬ ඉවත් කිරීම මෙන්ම ඉවත් කළ හැකි වැලි ප්‍රමාණය කොපමණදැයි සොයා බැලීමද මෙහිදී සිදු කෙරෙනවා.
කෙසේ වෙතත්, මෙම ක්‍රියාවලිය හේතුවෙන් ගොවිබිම් සඳහා ජලය නිකුත් කිරීමට කිසිදු බාධාවක් ඇති නොවන බවද ඉංජිනේරුවරයා අවධාරණය කරනවා.

Latest News
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලේ වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයා පැතුම් නිස්සංක - ක්‍රීඩිකාව චමරි අතපත්තු
Local
07 August 2026
''මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාවය පාලනය කළා'' - පොලිස් මාධ්‍ය ප්‍රකාශක
Local
06 August 2026
කොළඹ මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්
Local
06 August 2026
අහස සිසාරා ගිය 97 හැවිරිදි මිත්තණියගේ ගිනස් වාර්තාව
Local
06 August 2026
උණුසුම් කාලගුණය හේතුවෙන් යුරෝපයේ දරුණු බලශක්ති අර්බුදයක්
Local
06 August 2026
මලල ක්‍රීඩාවට ජීවය දෙන හිරු වෑයම - කොළඹ කළුතර තරග සාර්ථකව අවසන්
Local
06 August 2026
සරම්ප වසංගතයෙන් බංග්ලාදේශයේ පවුල් රැසක් දැඩි ආර්ථික අර්බුදයක
Local
06 August 2026
ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් Hela Apparel සමාගම ඈවර කිරීමට පෙත්සම් ගොනු කරයි
Local
06 August 2026
මාතර සිට පොතුවිල් දක්වා මුහුදු තීරය දැඩි ලෙස රළු විය හැකියි : ධීවරයින්ට හදීසි දැනුම්දීමක්
Local
06 August 2026
බලපත්‍ර නොමැති තවත් සූදු වෙබ් අඩවි 122ක් තහනම්
Local
06 August 2026