ශ්‍රී ලංකා ජාතික පිරිමි සහ කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වල නායකයින් විසින් ගොනු කර ඇති රිට් පෙත්සම් අද (05) අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු හමුවේ සලකා බැලුවා.
දේශීය ආදායම් පනතට මෑතකදී ගෙන ආ නව සංශෝධනය මඟින් "ක්‍රීඩකයින්" ස්වාධීන සේවා සපයන්නන් (ISPs) ලෙස හඳුන්වා දී ඇති අතර, ඔවුන් මත අත්තිකාරම් පුද්ගල ආදායම් බද්ද (APIT) අය නොකෙරෙන බවට මීට පෙර අධිකරණයට දැනුම් දී තිබුණා.
අද (05) දින නඩුව කැඳවූ අවස්ථාවේදී, මෙම නව සංශෝධනය හමුවේ පෙත්සම්කාර ක්‍රීඩකයින්ට අදාළව අධිකරණය හමුවේ අභියෝගයට ලක්කර ඇති තීරණය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) විසින් නැවත සලකා බලන්නේද යන්න පැහැදිලි කරන ලෙස අභියාචනාධිකරණය නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහට දැන්වුවා.
එහිදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නියෝජනය කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ මෙම නව සංශෝධනය අදාළ කරුණට බලපෑමක් නොකරන බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ඇති ගිවිසුම් මත ක්‍රීඩකයින් "සේවකයින්" ලෙස සැලකෙන බැවින්, අධිකරණය විසින් මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ යුතු බව ඔහු අවධාරණය කළා.
කෙසේ වෙතත්, පිරිමි ක්‍රීඩකයින් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිශාන් සිඩ්නි ප්‍රේමරත්න පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා උපුටා දක්වමින් පෙන්වා දුන්නේ, මෙවැනි නොපැහැදිලි තත්ත්වයන් නිරාකරණය කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් මෙම සංශෝධනය ගෙන ආ බවයි.
වෛද්‍යවරුන්, නීතිඥයින් සහ ගායකයින් මෙන්ම ක්‍රීඩකයින්ද ස්වාධීන සේවා සපයන්නන් ලෙස වර්ගීකරණය කර ඇති බවත්, වසර 15කට වැඩි කාලයක් තිස්සේ පිළිගෙන ඇති එම තත්ත්වය වෙනස් කරමින් අත්තිකාරම් පුද්ගල ආදායම් බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැරූ උත්සාහය නීති විරෝධී බවත් ඔහු සඳහන් කළා.
මෙම බදු අර්බුදය හේතුවෙන් ක්‍රීඩකයින්ගේ මාස හතක වෘත්තීය ගෙවීම් රඳවා තබා ඇති අතර, එමඟින් ඔවුන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවද අධිකරණය හමුවේ වැඩිදුරටත් අනාවරණය වුණා.
සියලු පාර්ශ්වයන්ට ඉදිරි සතිය ඇතුළත අදාළ පැහැදිලි කිරීමේ ලිපිලේඛන ගොනු කිරීමට අවසර දුන් අභියාචනාධිකරණය, මෙම පෙත්සම් පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම 2026 අගෝස්තු 31 වැනි දිනට නියම කළා.

Latest News
ෂකීබ් අල් හසන්ගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්
Local
06 August 2026
බලපත්‍ර නොමැතිව ජංගම දුරකථන අලෙවි කළ පුද්ගලයෙක් පිටකොටුවේදී කොටු
Local
06 August 2026
Live වීඩියෝවක් අතරතුර TikTok තරුවක් ඝාතනය කෙරේ
Local
06 August 2026
2025 උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශ ලියාපදිංචිය අද සිට ඇරඹේ
Local
06 August 2026
විදේශ ආධාර අඩු වෙද්දී බංග්ලාදේශයේ ණය වාරික ගෙවීම් වාර්තාගත ලෙස ඉහළ යයි
Local
06 August 2026
ත්‍රිකුණාමලයේදී බඹර ප්‍රහාරයකට ලක්වූ පාසල් සිසුන් 30ක් රෝහල් ගත කෙරේ
Local
06 August 2026
ඉන්දීය ධීවර යාත්‍රාවක් ඩෙල්ෆ් මුහුදේදී අනතුරකට ලක්වෙයි
Local
06 August 2026
හමුදාව විද්‍යාත්මක හා වෘත්තීය නිපුණතාවෙන් සන්නද්ධ කළ යුතුයි - ජනපති
Local
06 August 2026
රුමේෂ් තරංග ලෝක ශ්‍රේණිගත කිරීම්හි අංක එකට
Local
06 August 2026
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්
Local
06 August 2026