ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් විසින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය සහ ඒ තුළින් පොලිස්පතිවරයාට තර්ජනයක් සිදු කිරීමේ සිද්ධියක් මුල් කරගනිමින්, මධ්‍යම අපරාධ විමර්ශන ඒකකය විසින් අද (06) කඩුවෙල අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබුවා.
මෙහිදී මධ්‍යම අපරාධ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි කමල් ආරියවංශ අධිකරණය හමුවේ කියා සිටියේ, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන බවත්, ඒ සඳහා අවශ්‍ය අවසරය ලබා දෙන ලෙසත්ය.
ඒ අනුව, කඩුවෙල ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස විසින් අදාළ විමර්ශන කටයුතු සඳහා අවසරය ලබා දුන්නා.
එමෙන්ම, මෙම සිද්ධිය වාර්තා කළ මාධ්‍ය නාලිකාවලට අදාල ප්‍රකාශය සම්බන්ධයෙන් සංස්කරණය නොකළ දර්ශන තැටි ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසද පොලිසිය ඉල්ලා සිටියා.
එහිදී ඊට අවසර ලබා දුන් මහේස්ත්‍රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශනවල ප්‍රගතිය ලබන සැප්තැම්බර් මස 24 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙසට නියෝග කළා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කර තිබුණේ, වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ආණ්ඩුවට සේවය කිරීම නවතා රජයට සහ ජනතාවට සේවය කළ යුතු බවත්, මහපාරේ මිනිස්සුන්ගෙන් ගුටි කෑම නිසා මියගිය 37 වන පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය ඉතිහාසගත වනවාට තමන් අකැමැති බවත්ය.
මෙම ප්‍රකාශය හරහා පොලිස්පතිවරයාට තර්ජනයක් සිදු කර ඇති බවට පොලිසිය අධිකරණයට දැනුම් දී තිබෙනවා.
Latest News
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලේ වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයා පැතුම් නිස්සංක - ක්‍රීඩිකාව චමරි අතපත්තු
Local
07 August 2026
''මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාවය පාලනය කළා'' - පොලිස් මාධ්‍ය ප්‍රකාශක
Local
06 August 2026
කොළඹ මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්
Local
06 August 2026
අහස සිසාරා ගිය 97 හැවිරිදි මිත්තණියගේ ගිනස් වාර්තාව
Local
06 August 2026
උණුසුම් කාලගුණය හේතුවෙන් යුරෝපයේ දරුණු බලශක්ති අර්බුදයක්
Local
06 August 2026
මලල ක්‍රීඩාවට ජීවය දෙන හිරු වෑයම - කොළඹ කළුතර තරග සාර්ථකව අවසන්
Local
06 August 2026
සරම්ප වසංගතයෙන් බංග්ලාදේශයේ පවුල් රැසක් දැඩි ආර්ථික අර්බුදයක
Local
06 August 2026
ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් Hela Apparel සමාගම ඈවර කිරීමට පෙත්සම් ගොනු කරයි
Local
06 August 2026
මාතර සිට පොතුවිල් දක්වා මුහුදු තීරය දැඩි ලෙස රළු විය හැකියි : ධීවරයින්ට හදීසි දැනුම්දීමක්
Local
06 August 2026
බලපත්‍ර නොමැති තවත් සූදු වෙබ් අඩවි 122ක් තහනම්
Local
06 August 2026