General10 August 2026

අද සහ හෙට ග්‍රාම නිලධාරීන් ලෙඩ වෙයි

ග්‍රාම නිලධාරීන් අද සහ හෙට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව ග්‍රාම නිලධාරි වෘත්තිය සමිති සන්ධානය පවසනවා.

කොළඹ ඊයේ (09) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි සභාපති නන්දන රණසිංහ කියා සිටියේ ග්‍රාම සේවා නිලධාරින් සඳහා ලබාදෙන රුපියල් 600ක ගමන් වියදම් දීමනාව වැඩි නොකිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි.
Related recommendation
Hiru TV News | Programmes