පසුගිය මැයි මාසයේදී සිදු කරන ලද අනපේක්ෂිත සහ සැලකිය යුතු පොලී අනුපාතික ඉහළ නැංවීමෙන් පසුව, මෙම වසර තුළ තවදුරටත් පොලී අනුපාතික ඉහළ නැංවීමේ අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කර තිබෙනවා.
Reuters පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළ අතර, මැයි මස ගත් තීරණය හරහා අපේක්ෂිත පරිදි ආර්ථිකය හැඩගැසෙමින් පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ඉරාන යුද්ධය හේතුවෙන් බලශක්ති මිල ඉහළ යෑම නිසා ජූලි මාසයේදී උද්ධමනය 7.3% දක්වා වැඩි වූ නමුත්, ලබන වසරේ මුල් භාගය වන විට උද්ධමනය යළි 5%ක ඉලක්කගත මට්ටමට පත් වනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරනවා.
උද්ධමනය 7% දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කළ බැවින්, මැයි මාසයේදී පදනම් ලකුණු 100කින් පොලී අනුපාතිකය ඉහළ නැංවීම කඩිනම් සහ ක්‍රියාකාරී පියවරක් වූ බවද අධිපතිවරයා සඳහන් කරනවා.
ගෝලීය අභියෝග සහ බලශක්ති අර්බුද හමුවේ වුවද, මෙම වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 4%ත් 5%ත් අතර අගයක් ගනු ඇති බවයි මහ බැංකුව පුරෝකථනය කරන්නේ.
එමෙන්ම, ඉහළ යන ඉන්ධන ආනයන පිරිවැය හමුවේ රටේ බාහිර ගිණුම් ආරක්ෂා කර ගැනීම සඳහා, මේ වසර අවසන් වන විට මහ බැංකුවේ දළ විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 8ක් දක්වා ඉහළ නංවා ගැනීමට අපේක්ෂා කරන බවද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කරම්නවා.

Latest News
යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අත්‍යාවශ්‍යයයි. : ඒකාබද්ධ විපක්ෂයෙන් දීර්ඝ ලිපියක්
Local
13 August 2026
උසස් පෙළ විභාගය හෙට සාමාන්‍ය පරිදි: ප්‍රශ්න පත්‍ර පිටවීමක් නෑ - විභාග කොමසාරිස් ජනරාල්
Local
13 August 2026
පාස්කු නඩුවේ පැමිණිල්ලේ නඩු විභාගය අවසන්
Local
13 August 2026
බැකෝ සමන්ගේ මවට තැබූ වෙඩිල්ල ගැන තවත් තොරතුරු එළියට
Local
13 August 2026
"ජනාධිපතිතුමා හිතනවානම් මෙතන අවදානමක් තියෙනවා කියලා..එකම උත්තරේ මේක නොකර ඉන්න" : නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය
Local
13 August 2026
අවුරුදු 04ක දැරියක් ත්‍රීරෝද රථයකින් ගෙනැවිත් මහමඟ දමා ගිහින්
Local
13 August 2026
වියළි කාලගුණය තවමත් - දිස්ත්‍රික්ක රැසක් හෙටත් උණුසුම්
Local
13 August 2026
යත්තල්ගොඩදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වෙයි : ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
Local
13 August 2026
හෙට පැවැත්වෙන A/L භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර පැකට් 6ක් අද මධ්‍යස්ථානයක
Local
13 August 2026
මිනිය ගෙදර ගේන්නත් කලින් ගේ හොරු බිඳලා: ගම්වාසීන් එකතු වී සොරුන් අල්ලයි
Local
13 August 2026