General23 August 2026

ජනපතිගේ ප්‍රධානාත්වයෙන් ලබන 05 වැනිදා සිට විශේෂ ජනරැලි මාලාවක්

ජනපති අනුර කුමාර දිසානායකගේ මූලිකත්වයෙන් ලබන මස 05 වැනිදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන පරිදි විශේෂ ජනරැලි මාලාවක් පැවැත්වීමට නියමිත බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

අමාත්‍යවරයා මේ පිළිබඳ පවසා සිටියේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ මෙවැනි අදහසක්.

''ජාතික ජන බලවේගය ලෙස අපි ගම් මට්ටමින් සෑම ග්‍රාම නිලධාරි වසමකටම කොට්ඨාස සභා ප්‍රතිසංවිධානය කරගෙන යනවා. මේ සැප්තැම්බර් පහ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශාල ජන රැලි පැවැත්වෙනවා දිස්ත්‍රික්කවල. අපි කියන්නෙ එහෙම ආණ්ඩුවට එරෙහිව ජනමතයක් තියෙනවා නම් ඒක ඔප්පු කරලා පෙන්නන්න එච්චරයි කරන්න තියෙන්නේ අපි විපක්ෂයේ ඉන්න කාලේ කරපු විදිහවත් පොඩ්ඩක් බලන්නකෝ.''
Related recommendation
Hiru TV News | Programmes