International28 August 2026

ඔන්ටාරියෝ විල 'අමෙරිකා විල' ලෙස නම් කිරීමේ නියෝගයකට ට්‍රම්ප් අත්සන් තබයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඔන්ටාරියෝ විල 'අමෙරිකා විල' ලෙස නැවත නම් කිරීම සඳහා වන නියෝගයකට අත්සන් තබා තිබෙනවා.

ඒ කැනඩාව සමග පැවති වෙළෙඳ සාකච්ඡා බිඳ වැටීමෙන් පසු එරට භාණ්ඩ මත සියයට 50ක නව තීරුබදු පැනවීමෙන් අනතුරුවයි.

මෙම වෙළෙඳ අර්බුදය මධ්‍යයේ රටවල් දෙකටම පොදු වූ මහා විල් පහෙන් එකක් වන ඔන්ටාරියෝ විලෙහි නම වෙනස් කරන බවට ට්‍රම්ප් මීට පෙර ද සමාජ මාධ්‍ය හරහා කිහිප වතාවක්ම තර්ජනය කර තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes