මහජනතාවගේ සාමකාමී ජීවිතයට, දෛනික කටයුතුවලට සහ අවට පදිංචිකරුවන්ට බාධාවක්, පීඩාවක් හෝ හිංසාවක් ඇතිවන ආකාරයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර, ඇම්ප්ලිෆයර් සහ වෙනත් ශබ්ද උපකරණ භාවිත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය මහජනතාව වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙම දැනුම්දීම කර තිබුණා.
ඒ අනුව එම නිවේදනය පහතින් දැක්වෙනවා.
ශබ්ද විකාශන යන්ත්‍ර, ඇම්ප්ලිෆයර් සහ වෙනත් ශබිද උපකරණ භාවිතා කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී ඇති නියෝග සහ ශ්‍රී ලංකා පොලිසිය විසින් වරින් වර නිකුත් කරනු ලබන උපදෙස් හා මහජනතාව වෙත කරනු ලබන දැනුවත් කිරීම් අනුව කටයුතු කරන ලෙස ද පොලිසිය මහජනතාව වෙත දැනුම් දී තිබෙනවා.
මේ වන විට මෙම ශබ්ද දූෂණය ළදරුවන්, පාසල් දුවාදරුවන්, වැඩි හිටියන් හා රෝගීන් හට ශබ්ද දූෂණයකට එහා ගිය සෞඛ්‍ය සහ මානසික ගැටළුටක් බවට පරිවර්තනය වී ඇති බවට නිරීක්ෂණය වී ඇතැයි ද පොලිසිය පවසනවා.
තවද, ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක 38/2005 දරන නියෝගය අනුව, ඇම්ප්ලිෆයර්, ශබ්ද විකාශන යන්ත්‍ර හෝ වෙනත් ශබ්ද උපකරණ භාවිත කිරීමෙන් මහජනතාවට හෝ අටට පදිංචිකරුවන්ට අපහසුතාවක් හෝ යම් පීඩාවක් ඇතිවන විට දී, එය දණ්ඩ නීති සංග්‍රහයේ 261 වන වගන්තිය යටතේ මහජන පීඩාවක් ලෙස සලකා නීතියට අනුකුලට ක්‍රියාමාර්ග ගැනීමට පොලිසියට හැකියාව පවතී.
ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය සඳහා අවසර ලබාදීම.
* පොලිස් ආඥාපනතේ ප්‍රතිපාදන යටතේ ශබ්ද විකාශන යන්ත්‍ර හෝ ශබ්දය වැඩි කිරීම සඳහා භාවිත කරන වෙනත් උපකරණ භාවිත කිරීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විශේෂ උපදෙස් ලබාදී ඇත.
* ඒ අනුව, රාත්‍රී 10.00 සිට පසු දින පෙරවරු 06.00 දක්වා කාලය සඳහා ශබ්ද ටිකාශන යන්ත්‍ර භාවිත කිරීමට අවසර ලබා නොදිය යුතු අතර, ආගමික කටයුතු හෝ විශේෂ අවස්ථා සම්බන්ධයෙන් අදාල කරුණු සලකා බලා නීතියට අනුකූලව අවසර ලබාදිය හැකිය.
* අදාල බලපත්‍රය නිකුත් කර ඇති අවස්ථාවලදී, බලපත්‍රයේ සඳහන් දිනය, වේලාව සහ අනෙකුත් සියලුම කොන්දේසි වලට දැඩිව අනුගත විය යුතුය.
අවසර ලබාදී ඇති අවස්ථා වලදී අදාළ කාල සීමා
* අදාල පොලිස් අවසරය ලබාගෙන ඇති අවස්ථාවක, අවසර පත්‍රයේ සඳහන් කොන්දේසිවලට යටත්ව පහත කාල සීමාවන් තුළ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතකිරීමට අවසර ලබාදී ඇති අවස්ථා තිබිය හැකිය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා - රාත්‍රී 10.00 දක්වා
සිකුරාදා සහ සෙනසුරාදා - අලුයම 01.00 දක්වා
ඉරිදා - අලුයම 12.30 දක්වා
* මෙම වේලාවන් බලපත්‍රලාභීන්ට ස්වයංක්‍රියට හිමිවන අයිතියක් නොවන අතර, අදාල අවස්ථාව සඳහා පොලිසිය විසින් නිකුත් කර ඇති බලපත්‍රයේ සඳහන් කොන්දේසි සහ අවසරයට යටන්ට පමණක් ශබිද විකාශන යන්ත්‍ර භාවිත කළ යුතුය.
* තවද, අවසරයක් ලබාදී තිබුණ ද, ශබ්දය අදාල පරිශ්‍රයෙන් පිටතට ගොස් අවට පදිංචිකරුවන්ට හෝ මහජන්තාවට කරදරයක් හෝ අපහසුතාවක් ඇතිවන ආකාරයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීම නොකළ යුතුය.
* පෙරවරු 06.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ විශේෂ අවස්ථාවක් සඳහා අවසර ලබා දී ඇති අවස්ථාවකදී ද, එම ශබ්දය අදාල පරිශ්‍රයට සීමා වන ආකාරයෙන් පවත්වා ගෙන යාම සහ අවට ජන්තාවට අනවශ්‍ය බාධාවක් ඇති නොවන බවට වග බලා ගැනීම අත්‍යවශ්‍ය වේ.
* අවසර ලබාදී ඇති අවස්ථාවලදී එහි කොන්දේයි ක්‍රියාත්මක වන බවට වග බලා ගැනීම සඳහා ප්‍රමාණවත් පොලිස් නිලධාරීන් යොදවා අධික්ෂණය කිරීමට ද පොලිසිය කටයුතු කරනු ඇත.
* මහජනතාවගෙන් පැමිණිල්ලක් ලැබුණු අවස්ථාවකදී, අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂා කර ශබ්දය මහජන පීඩාවක් හෝ අපහසුතාවක් ඇති කරන බව තහවුරු වුවහොත්, එම ක්‍රියාව නතර කරන ලෙස අදාල පුද්ගලයන්ට දැනුම් දීමට පොලිසිය කටයුතු කරනු ඇත.
* එම දැනුම් දීම නොතකා අදාල ක්‍රියාව තවදුරටත් සිදු කරන්නේ නම්, පවතින නීතිමය විධිවිධාන අනුව ශබ්ද උපකරණ පොලිස් භාරයට ගැනීම ඇතුළු අවශ්‍ය නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට පොලිසිය කටයුතු කරනු ඇත.
* නීති විරෝධී ලෙස හෝ මහජනතාවට පීඩාවක් වන ආකාරයෙන් අධික ශබ්දයක් නිකුත් කරන අවස්ථාවක් පිළිබඳව කිසියම් පුද්ගලයෙකුට අපහසුතාවක් ඇති වන්නේ නම්, ඒ පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ හදිසි ඇමුතුම් අංක 118,119 වෙත දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මහජන්තාවගේ සාමය, නිදහස සහ දෛනික ජිවිතයට බාධාවක් නොවන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර හා ඇම්ප්ලිෆයර් භාවිත කිරීම සියලු දෙනාගේ වගකීමක් වන අතර, අදාළ නීතිමය විධි විධාන සහ අවසර කොන්දේසි උල්ලංඝනය කරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතියට අනුකූලව අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබන බව ශ්‍රී ලංකා පොලිසිය අවධාරණය කරයි.
Latest News
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් වැල්ලේ සාරංගට කුළී ඝාතන චෝදනා රැසක්
Local
30 August 2026
වැලිමඩ හයර් පොරය උණුසුම් වෙයි – දෙපාර්ශ්වය අතර තවමත් ගැටුම්
Local
30 August 2026
මම නම වෙනස් කළේ නෑ - අර්ජුන මහේන්ද්‍රන් කියයි
Local
30 August 2026
මහනුවර ඇසළ පූජෝත්සවයේ හත්දා වලියකුම ඉපැරණි චාරිත්‍රය ඇරඹේ
Local
30 August 2026
නිවසකට ගල් ගසා CCTV කඩා දැමූ NPP මන්ත්‍රී ඇතුළු පිරිසක් අත්අඩංගුවට : පසුව පොලිස් ඇප
Local
30 August 2026
කැබ් රථ අනතුරකින් පාසල් සිසුවෙක් මරුට
Local
30 August 2026
සෙවනගල අර්බුදය හෙට කම්කරු දෙපාර්තමේන්තුව හමුවට
Local
30 August 2026
චීනයේ නව සයිබර් නීති ගැන තායිවානය බියෙන්
Local
30 August 2026
කිරින්ද පොලිස් සැරයන්වරයෙකු අතුරුදන් – දින 5කට පසු පොලිසියට පැමිණිල්ලක්
Local
30 August 2026
22 වැනි සංශෝධනයට ජනමත විචාරණයක් ඉල්ලා ගාල්ලේදී උද්ඝෝෂණයක්
Local
30 August 2026