International31 August 2026

ඇමෙරිකාව ලාරක් දූපතට පහර දීමෙන් පසු ඉරානයෙන් ජෝර්දානයේ අමෙරිකානු කඳවුරුවලට ප්‍රහාර

ලාරක් දූපතේ පිහිටි තමන්ගේ රොකට් විදින දෙකකට අමෙරිකානු හමුදා එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස, ජෝර්දානයේ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරු වෙත ප්‍රහාර එල්ල කළ බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය පවසනවා.

ඉරානයේ, ලාරාක් දූපතේ පිහිටි රොකට් විදිනයන් දෙකකට ඇමරිකාව විසින් ප්‍රහාර එල්ල කරනු ලැබුවා.

හෝමූස් සමුද්‍ර සන්ධියට මුහුදු බෝම්බ දැමීම වැළැක්වීම සඳහා මෙම ප්‍රහාරය එල්ල කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ජූලි මස අග භාගයෙන් පසු ඉරානයට එරෙහිව එල්ල වූ පළමු ඇමරිකානු ප්‍රහාරය මෙය වනවා.

ඊට ප්‍රතිචාර ලෙස ඉරානය මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වෙන්නේ.


Related recommendation
Hiru TV News | Programmes