General31 August 2026

අයිස් තොගයක් එක්ක තරුණයෙක් ගොතටුවේදී අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 14ක් සන්තකයේ තබාගත් තරුණයෙක් කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ගොතටුව ප්‍රදේශයේදී ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරකට අනුව කළ වැටලීමකදී ගොතටුව පොලිස් වසමේ සීම්ලැක්ස් මාවත ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය තොගය සමග මෙම තරුණයා අත්අඩංගුවට ගෙන තිබුණා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 28ක් වන ගොතටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදු කරනු ලබනවා.

සැකකරු අද (31) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes