General31 August 2026

කොළඹ වරායේ බහාලුමෙන් සොයා ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 220 කට අධිකයි

කොළඹ වරායේ බහාලුමක් තුළ තිබී සොයාගත් අයිස් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 220 කට අධික බවට මේ වනවිට ගණනය කර තිබෙනවා.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරකට අනුවයි මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබුණේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය පාකිස්තානයෙන් එවා ඇති බවට මූලික විමර්ශනවලදී හෙළිවී ඇති අතර සිද්ධියට සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ වරායේ සී.අයි.සී.ටී. පර්යන්තයේ සැකකටයුතු බහාලුම් 2 ක් ඇති බවට මීට පෙර අධිකරණයට කරුණු වාර්තා කිරීමට පොලිසිය පියවර ගෙන තිබූ අතර ඒ අනුවයි අද මේ බහාලුම් විවෘත කෙරුණේ.
Related recommendation
Hiru TV News | Programmes