General21 October 2013

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය හෙට සිට දින 3 ක් ජනතාවට විවෘතයි.



කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය හෙට සිට දින 3 ක් මහජනතාව වෙනුවෙන් විවෘත කර තැබෙන බව මහාමාර්ග අමාත්‍යාංශය පවසනවා. මෙම දිනවලදී රථවාහන මාර්ගයට ඇතුලූ කිරීමට ඉඩ නොලැබෙන අතර පා ගමනින් ගොස් ජනතාවට මාර්ගය නැරඹිය හැකි බවයි මහාමාර්ග ව්‍යාපෘති අමාත්‍ය නිර්මල කොතලාවල සඳහන් කළේ. ඒ අනුව පෑලියගොඩ හා කටුනායක ප්‍රධාන පිවිසුම්වලින් ඇතුලූවන ජනතාව වෙනුවෙන් විශේෂ සංස්කෘතික සංදර්ශන ද සංවිධාන කර තිබෙනවා. කටුනායක කොළඹ අධිවේගී මාර්ගය මේ මස 27 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කිරීමට නියමිතයි.  චීන රජයේ ආධාර මත ඉදිවන මෙම මාර්ගය සඳහා වැය කෙරෙන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 350 ක්. අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 3 කින් සමන්විත මෙම මාර්ගය  මංතීරු 4 කින් සමන්විතයි. එහි දිග කිලෝමීටර් 25.8 ක්.

Related recommendation
Hiru TV News | Programmes