Business25 May 2021

බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට මිලියන 200ක ණයක්

ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක් ලබාදීමට බංග්ලාදේශයේ බැංකු මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා.

බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කළේ, එරට මහ බැංකු අධිපති ෆස්ලි කබීර්ගේ ප්‍රධානත්වයෙන් රැස් වූ බැංකු මණ්ඩලය විනිමය හුවමාරු පහසුකමක් හෙවත් ස්වොප් පහසුකමක් ලෙස මෙම ණය මුදල ලබා දීම අනුමත කර ඇති බවයි.

නීතිමය පරීක්ෂා කිරීම්වලින් පසුව බංග්ලාදේශ රජය අදාළ අවසන් එකඟතාවලට එළැඹෙනු ඇති.

ශ්‍රී ලංකාවේ විදේශ විනිමය මගින් සිදු කරන වියදම් පියවා ගැනීම සඳහා බංග්ලාදේශ මහ බැංකුව එම ඩොලර් මිලියන 200 ක විනිමය හුවමාරු පහසුකම සහනදායී පොලියක් මත ලබාදීමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes