මැදවච්චියේ දී රුපියල් ලක්ෂ 20ක කොල්ලයක්

Tuesday, 31 January 2023 - 8:52

%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+20%E0%B6%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මැදවච්චිය - ඉකිරිගොල්ල පාසල අසළ දී රුපියල් ලක්ෂ 20ක් වංචනික ලෙස ලබාගෙන යතුරුපැදියකින් පලා යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු යුධ හමුදාවේ රියදුරෙකු බවයි.

තමා නාවික හමුදා කපිතාන්වරයෙකු ලෙස ව්‍යාජ ලෙස හදුන්වා දෙමින් ව්‍යාපාරිකයෙකුට දුරකතන ඇමතුමක් ලබා දී පූනෑව නාවික හමුදා කදවුරේ ඉන්ධන සහ ඩීසල් ටෙන්ඩර් ක්‍රමයට ලබා දෙන බවට මොහු ප්‍රකාශ කර තිබෙනවා.

රුපියල් ලක්ෂ 22ක් පමණ වටිනා ඉන්ධන බැරල් 20ක් රුපියල් ලක්ෂ 20ක මුදලකට ටෙන්ඩර් ක්‍රමයෙන් බැහැරව ලබා දිය හැකි බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව මුදල් රැගෙන ලොරි රථයකින් පූනෑව නාවික හමුදා කඳවුර අසළට අදාළ ව්‍යාපාරිකයා සහ තවත් පුද්ගලයෙකු පැමිණ ඇති අතර එම අවස්ථාවේ දී නාවික හමුදා කපිතාන්වරයෙකු ලෙස හදුන්වා දුන් පුද්ගලයා තවත් පුද්ගලයෙකු සමඟ එම ස්ථානයට පැමිණ තිබුණා.

එහි දී ව්‍යාපාරිකයාගේ හැදුනුම්පත සහ ලොරි රථයේ රියදුරුගේ රියදුරු බලපත්‍රය රැගෙන එම පුද්ගලයා නාවික හමුදා කඳවුරේ ප්‍රධාන ගේට්ටුව අසලට ගොස් ලොරි රථය කඳවුර තුළට යාමට අවසර ලබා ගත් බවයි ව්‍යාපාරිකයාට පවසා ඇත්තේ.

එබැවින් රුපියල් ලක්ෂ 20ක මුදල කපිතාන්වරයා බවට පෙනී සිටි පුද්ගලයා ව්‍යාපාරිකයාගෙන් ඉල්ලා එම මුදල් රැගෙන ඔවුන් පැමිණි යතුරුපැදියෙන් ගොස් ඇති අතර ව්‍යාපාරිකයාට දැනුම් දී ඇත්තේ යතුරුපැදිය පිටුපස පැමිණෙන ලෙසට යි.

එහි දී යතුරුපැදිය නාවික හමුදා කඳවුර දෙසට නොගොස් පූනෑව නගරය දෙසට වේගයෙන් පළාගොස් තිබෙනවා.