මවුන්ට් ලෝටස් රෝහල මාස 7ක් ඇතුළත ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් 1000ක් සාර්ථකව නිම කරයි

Monday, 17 April 2023 - 12:14

%E0%B6%B8%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9D%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+7%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B6%AD+%E0%B6%87%E0%B7%83%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%AF+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+1000%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B6%B8+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාවේ නවතම අක්ෂි සහ උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ රෝහලක් වන මවුන්ට් ලෝටස් රෝහල,සුවිශේෂී සන්ධිස්ථානයකට ළඟා වුණා.

ඒ, කෙටි කාල සීමාවක් ඇතුලත ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් 1,000 ක් සාර්ථකව සම්පූර්ණ කරමින්.

මවුන්ට් ලෝටස් රෝහල විසින් රෝගීන් සඳහා නවීන තාක්ෂණය සහ ජාත්‍යන්තර තත්ත්වයේ පහසුකම් සමඟින් ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සිදු කරනු ලබනවා.

රෝහලේ පළපුරුදු අක්ෂි වෛද්‍ය මණ්ඩලය සහ මිත්‍රශීලී කාර්ය මණ්ඩලය රෝගීන්ගේ අවශ්‍යතා හොඳින් වටහාගෙන සෑම විටම ඔවුන්ට වඩාත් උසස් හා පුළුල් සේවා සත්කාරයන් ලබා දෙනවා.

එමෙන්ම ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම සඳහා පැමිණෙන රෝගීන්ට වාට්ටුවකට හෝ සුඛෝපභෝගී පෞද්ගලික කාමරයකට ඇතුළත් කිරීමේ හැකියාව ද මෙහි පවතිනවා.

එහිදී, ඔවුන් වෛද්‍ය පරීක්ෂණයකට භාජනය වන අතර එමඟින් රුධිර පීඩනය, ECG පරීක්ෂණය, රුධිරයේ සීනි මට්ටම වැනි තත්ත්වයන් සැත්කම් සඳහා අවශ්‍ය මට්ටමින් තිබේද යන්න නිරීක්ෂණය කරනු ලැබෙනවා.

ශල්‍යකර්ම සිදු කරනු ලබන්නේ, අදාළ වාර්තා මඟින් රෝගියා ශල්‍යකර්මයට සුදුසු බව තහවුරු කිරීමෙන් අනතුරුවයි.

ශල්‍යකර්මයෙන් පසුව, රෝගියා නැවත වාට්ටුවකට හෝ පෞද්ගලික කාමරයකට මාරු කරනු ලබන අතර එහිදී රෝහල් කාර්ය මණ්ඩලය විසින් රෝගියාට යම්කිසි අපහසුතාවයක් ඇති වේද යන්න සමීපව නිරීක්ෂණය කරනු ලැබේ. එවන් අපහසුතා කිසිවක් නොමැති නම් රෝගියාව මුදා හරිනු ලබනවා.

මෙම සම්පූර්ණ ක්‍රියාවලිය සඳහා ගත වන්නේ පැය කිහිපයක්.

එබැවින් එය රෝගියාට පහසු, වේගවත්, කාර්යක්ෂම හා ලාභදායී ක්‍රියා පටිපාටියක් වෙනවා.

මේ පිළිබඳ අදහස් දක්වා සිටින මවුන්ට් ලෝටස් රෝහලේ සාමාන්‍යාධිකාරී වෛද්‍ය සමන් පී බස්නායක මහතා ප්‍රකාශ කළේ,

“සාපේක්ෂ වශයෙන් කෙටි කාලයක් තුළදී ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් 1,000 ක කඩඉම සාර්ථකව පසුකිරීමට හැකිවීම පිළිබඳව අපි නිහතමානීව ආඩම්බර වනවා. ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම බොහෝ වැඩිහිටියන්ගේ ජීවිතය වෙනස් කරන ක්‍රියා පටිපාටියක් වන අතර ඔවුන්ගේ ජීවන තත්ත්වය සැලකිය යුතු ලෙස වැඩිදියුණු කිරීමට උපකාරී වනවා. ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම සිදු කරන රෝගීන් රෝහලට ඇතුළු වූ මොහොතේ සිට ශල්‍යකර්මයෙන් පසු රෝහලෙන් පිටව යන තුරුම ඔවුන්ව හොඳින් රැකබලා ගැනීමටත් සුවපහසු සේවා සත්කාරයන් ලබා දීමටත් අපි පියවර ගණනාවක් ගෙන තිබෙනවා. එමඟින් ඔවුන්ට කෙටි කාලයකින් ඔවුන්ගේ ජීවිතයේ කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යාමට පුළුවන්.”

අංක 102, ගාලු පාර, ගල්කිස්ස, පිහිටා ඇති මවුන්ට් ලෝටස් රෝහල, දේශීය සහ විදේශීය රෝගීන් සඳහා ජාත්‍යන්තර මට්ටමේ අක්ෂි සහ උගුර, කන, නාසය ආශ්‍රිත වෛද්‍ය විසඳුම් ලබා දීම සඳහා කැප වූ විශේෂිත රෝහලක්.

මෙහි ඕනෑම ආකාරයක අක්ෂි සහ උගුර, කන, නාසය ආශ්‍රිත ආබාධයක් සඳහා වෛද්‍ය සහ ශල්‍ය විසඳුම් ලබා දීමට නවීන තාක්ෂණයන් සහ ඉහළ පිළිගැනීමක් ඇති වෛද්‍ය මණ්ඩලයකින් රෝහල සමන්විත වෙනවා.

රෝගීන් හොඳින් රැකබලා ගැනීම සඳහා වසර ගණනක පළපුරුද්ද ඇති, ඉහළ සුදුසුකම් ලත්, මිත්‍රශීලී සහායක කණ්ඩායමක්ද රෝහල සතු වන අතර නවීන තාක්ෂණික උපකරණ භාවිතා කරමින්, ඉහළ ගුණාත්මක සත්කාරයක් සමඟින් පුළුල් පරාසයක අක්ෂි සහ උගුර, කන, නාසය ආශ්‍රිත ප්‍රතිකාර සේවාවන් රැසක් රෝගීන්ට ලබා දීමට ඔවුන්ට හැකියාව පවතිනවා.