ආදරණීය බජාජ් ඩිස්කවර් 125 නැවතත්

Friday, 02 June 2023 - 13:52

%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%AB%E0%B7%93%E0%B6%BA+%E0%B6%B6%E0%B6%A2%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A+%E0%B6%A9%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B7%8A+125+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A

ශ්‍රී ලංකාවේ ඔටෝමොබයිල් නිෂ්පාදන/එකලස් කිරීමේ සහ ඔටෝමොබයිල් උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්තයට රජය සහ කර්මාන්ත අමාත්‍යංශය විසින් හදුන්වා දුන් සම්මත මෙහෙයුම් පටිපාටිය යටතේ දේශීයව අගය එකතු කරමින් මෙරටදීම නිෂ්පාදනය කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ඩිස්කවර් 125 මෝටර් සයිකලය ඩේවිඩ් සීරිස් මෝටර් නම්පැනි (ප්‍රයිවට) ලිමිටඩ් විසින් මෙරට වෙළෙද පොළට හදුන්වා දුන්නේය.

125 CC කාණ්ඩයේවඩාත්මසුවිශේෂීහැඩයෙන්, ක්‍රියාකාරිත්වයෙන් සහ ඉන්ධන පිරිමැස්මෙන් යුතු මෝටර් සයිකලය වන බජාජ් ඩිස්කවර් 125 භාවිතා කරන්නන් ලක්ෂ 5කට අධික ප්‍රමාණයක් මෙරට තුළ මේ වන විටත් සිටින අතර ශ්‍රී ලංකාවෙ තුළ මෙම මෝටර් සයිකලය නොමැකෙන නමක් තබා පාරිභෝගික විශ්වාසය ඉහළින්ම තහවුරු කර ඇත.

වැඩි දියුණු කරන ලද නව බජාජ් ඩිස්කවර් 125 මෝටර් සයිකලය නව අංගය රැසකින් යුක්ත‌ වේ.ඒ අතර ඉදිරිපස සහ පසුපස රෝද දෙකටම සමබරව ක්‍රියාත්මක වන ඇන්ටි ස්කිඩ් (කොම්බි) බ්‍රේක් පද්ධතිය, මතුපිට ලිස්සා යාම වළක්වමින් Grip සහිතව නිෂ්පාදනය කර ඇති සීට් එක, ගමන පහසු කරවනවේග 05 ගියර් පද්ධතිය සමග ඩිජිටල් ගියර් ඉන්ඩිකේටරය,DRL හෙඩ්ලයිට්, ටියුබ්ලස් ටයර්ඇතුළුවිශේෂාංගරැසක් වේ.

නිල්, රතු සහ කොළ, කළු වර්ණ සමග මිශ්‍රවූ නවවර්ණරටාතුනකින්ලබාගතහැකි නව ඩිස්කවර් 125 මෝටර් සයිකලයේ ඇලෝයි වීල් ඒ හා සමාන වර්ණ යෙදූ ස්ටිකර් මගින් තවත් අලංකාර කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් සාමාන්‍යාධිකාරී (වාහන විකුණුම්) ලක්මාල් ද සිල්වා මහතා මෙසේ පැවසුවේය. පාරිභෝගිකයින්ට නව වාහන මිලදී ගැනීමේ අවස්ථාව සලසමින් සහ ඔටෝමොබයිල් කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් සම්මත මෙහෙයුම් පටිපාටියක් හදුන්වාදීම පිළිබදව පළමුව කර්මාන්ත අමාත්‍යංශයට සහ රජයට ස්තුති කිරීමට මම කැමතියි. සම්මත මෙහෙයුම් පටිපාටිය යටතේ අප නිපදවන දෙවන මෝටර් සයිකලය ලෙස මෙය හදුන්වන්න පුළුවන්.”

තවදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ දිවයින පුරා පිහිටි ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් ප්‍රදර්ශනාගාරවලින් සහ ඩීලර්වරුන්ගෙන් ඩිස්කවර් 125 දැන් මීළදී ගත හැකි බවයි.

ආනයන සීමා පැනවීම හේතුවෙන් වසර 03ක නිහැඩියාවකට පසු රජය විසින් හදුන්වා දුන් සම්මත මෙහෙයුම් පටිපාටිය යටතේ පළමු වරට බ්‍රෑන්ඩ් නිව් CT 100 මෝටර් සයිකලය ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් 2022 වසරේදී යළි මෙරටට හදුන්වා දුන්නේය. බජාජ් මව් සමාගමේ පරීක්ෂණවලට ලක් කොට අනුමත කරන ලද උපාංගද සමගින් බජාජ් ඩිස්කවර් 125 සහ CT 100 මෝටර් සයිකල් මාදිළි දෙකම හම්බන්තොට දිස්ත්‍රික්කයේ රන්නේ පිහිටි සියලු පහසුකම් සපිරි ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි නිෂ්පාදන සංකීර්ණයේ නිපදවනු ලබයි.

බජාජ් ඩිස්කවර් 125 පිළිබදව වැඩි විස්තර සදහා 0114700600 අමතන්න.

\"\"
\"\"
\"\"
\"\"
\"\"
\"\"
\"\"