ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වත්තේගම ට

Saturday, 15 July 2023 - 16:38

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B7%82%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A%E0%B6%9C%E0%B6%B8+%E0%B6%A7
ජූලි 14, 2023 කොළඹ දී. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - සිය වත්තේගම පාරිභෝගික සේවා නියෝජිත කාර්යාලය (Agency Business Development Center) 2023 ජූලි 14 වන දින අංක 73/සී මහනුවර පාර, වත්තේගම යන ස්ථානයේ දී විවෘත කරයි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය නියෝජනය කරමින් ලලිත් ද සිල්වා මහතා ප්‍රධානි බෙදාහැරීම් (සාමාන්‍ය රක්ෂණ), ජගත් වෙල්ගම මහතා සහකාර සාමාන්‍ය අධිකාරී/ප්‍රධානි ජාතික විකුණුම් (ජිවිත), ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිගන ශාඛාවේ කාර්ය මණ්ඩලය ද, එම ප්‍රදේශයේ සම්භාවනීය ආරාධිත අමුත්තන් සහ පාරිභෝගිකයින් සහභාගී විය.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center) තුලින් පාරිභෝගිකයින්ට තව දුරටත් සමීපවෙමින් තම සේවා සැපයීමට අවස්ථාව සැලසෙන අතර, ඔවුන්ගේ සියලුම රක්ෂණ අවශ්‍යතාවයන් පහසුවෙන් සහ වේගවත්ව සපුරා දීමට කටයුතු කරයි.