ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් Petsurance නමින් නව රක්ෂණ සැලසුමක් දියත් කරනු ලබයි

Friday, 06 October 2023 - 19:36

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B7%82%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+Petsurance+%E0%B6%B1%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%94+%E0%B6%BD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92

ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නැවතත් ශ්‍රී ලංකා රක්ෂණ වෙළෙඳපොළට Petsurance නමින් නව්‍ය  නිෂ්පාදිතයක් හඳුන්වා දී ඇත. ලෝක සත්ව දිනයට සමගාමීව මෙම නව රක්ෂණ සැලසුම දියත් කරනු ලබයි. මෙම පුළුල් රක්ෂණාවරණය සලසනු ලබන්නේ සුරතල් සතුන් හිමිකරුවන් සඳහා වන අතර මෙමගින් ඔවුන්ගේ සුරතලූන්ගේ වෛද්‍ය ප්‍රතිකාර වියදම් ආවරණය කරමින් මුල්‍ය ආරක්ෂාව සහතික කරනු ලබයි.

‘Petsurance’ වෛද්‍ය රක්ෂණාවරණය මගින් ආවරණය කරනු ලබන්නේ සංජානනීය සහ පෙර පැවති තත්වයන් හැර හදිසි රෝගාබාධ සහ අසනීප සඳහාය. මෙය  හදිසි අනතුරු තුවාල සඳහා ද ආවරණය සපයන අතර එය උපරිම වශයෙන්  වසරකට රු. 550,000 ක් ආවරණය කරනු ලබයි.

මෙම රක්ෂණ ආවරණය මඟින් සුරතල් සතුන් හිමිකරුවන්ට අධික පිරිවැයකින් තොරව තම සුරතල් සතුන් සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට හැකියාවක් ඇත. මෙම රක්ෂණ ක්‍රමය හරහා සමාගම අපේක්ෂා කරනු ලබන්නේ සුරතල් සතුන් සඳහා හොඳම රැකවරණය සැපයීමට ඉඩ සලසමින් සුරතල් සතුන් හිමිකරුවන් සඳහාද රක්ෂණාවරණයක් සැලසීමයි.

Petsurance හි පළමු පියවර සුනඛයන් සඳහා පමණක් වන අතර  සුරතල් සතුන් සඳහා වන මෙම ව්‍යාපෘතිය  සාර්ථක වුවහොත් එය අනෙකුත් සතුන් වෙත ද පිරිනැමීමට  අපේක්ෂා කරනු ලබයි.

සත්ව සුබසාධනය උදෙසා නිරන්තරයෙන් කටයුතු කරන රන්දි පදනමේ (Randi  Foundation – A Strong Voice  For Animal Welfare)  සභාපති සහ නිර්මාතෘ ක්‍රිෂාන්ති  පෙරේරා මහත්මිය සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් එක්ව සුරතල් සතුන්ගේ යහපැවැත්ම සඳහා ඇති අවශ්‍යතාවය හඳුනාගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් විසින් මෙම Petsurance රක්ෂණාවරණය හඳුන්වා දීමට කටයුතු කළේය. 

\r\n