ලොව ප්‍රමුඛතම සහ ජනප්‍රිය රථ වාහන සන්නාමයන් වන JAECOO (ජේකූ), OMODA (ඔමෝඩා), KAIYI (කායි) සහ SRM (එස්ආර්එම්) මෙරට පාරිභෝගිකයන්ට සමීප කරමින්, හේලීස් මොබිලිටි ලිමිටඩ් (Hayleys Mobility Limited) ආයතනය CarSwitch (Pvt) Ltd. සමඟ අත්වැල් බැඳගෙන සිය නවතම බලයලත් විකුණුම් ප්‍රදර්ශනාගාරය අනුරාධපුරයේදී විවෘත කර තිබේ.
දිවයින පුරා විහිදී ඇති සිය සේවා ජාලය තවදුරටත් පුළුල් කිරීමේ තවත් පියවරක් ලෙස මෙම නව ප්‍රදර්ශනාගාරය විවෘත කර ඇති අතර, එය උතුරු මැද පළාතේ පාරිභෝගිකයන්ට හේලීස් මොබිලිටි සේවාවන්ට වඩාත් සමීප ප්‍රවේශයක් ලබාදෙයි.
ඒ අනුව වාහන අලෙවිය, විශේෂඥ උපදේශන සේවා මෙන්ම අලෙවියෙන් පසු සේවාවන් ඇතුළු සියලුම පාරිභෝගික අවශ්‍යතා, හේලීස් මොබිලිටි ආයතනයේ විශ්වාසනීයත්වය සහ උසස් ප්‍රමිතිය යටතේ එකම වහලක් යටින් ලබාගැනීමට දැන් හැකිය.
CarSwitch (Pvt) Ltd. ආයතනය බලයලත් විකුණුම් නියෝජිතයෙකු ලෙස පත් කිරීම, විශ්වාසදායක දේශීය හවුල්කාරිත්වයන් හරහා ගෝලීය මට්ටමේ ප්‍රවාහන විසඳුම් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් වෙත සමීප කිරීම සඳහා හේලීස් මොබිලිටි ආයතනය දක්වන අඛණ්ඩ කැපවීම පිළිබිඹු කරයි.
එමෙන්ම මෙම නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම, පාරිභෝගිකයන්ට වඩාත් පහසුවෙන් හා කාර්යක්ෂමව සේවා සැපයීමත්, දිවයින පුරා සිය සේවා ජාලය තවදුරටත් ව්‍යාප්ත කිරීමත් සඳහා හේලීස් මොබිලිටි ආයතනය සතු දිගුකාලීන දැක්ම මනාව පෙන්වයි.
හේලීස් මොබිලිටි ආයතනයේ ලෝක ප්‍රකට රථ වාහන පෙළ පිළිබඳ අත්දැකීම් ලබාගැනීමට පාරිභෝගිකයන්ට අනුරාධපුර නව නගරය, ජයන්ති මාවතේ පිහිටි CarSwitch (Pvt) Ltd. ප්‍රදර්ශනාගාරය වෙත පැමිණිය හැකිය.
Latest News
පැරණි බදු ප්‍රතිපත්ති නිසා ආර්ථිකය විකෘති වෙලා: බදු බලධාරීන් පෙන්වා දෙයි
කතළුව මුහුදේ දිය නෑමට ගිය තරුණයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට
කුලප්පු වී දෙදෙනෙකු මැරූ රක්වාන පෙරහැරේ අලියා නිර්වින්දනය කර අල්ලා ගැනීමට වනජීවී නිලධාරීන්ගෙන් දැඩි උත්සාහයක්
වියානා ඇලට ට්‍රැක්ටරයක් පෙරළෙයි: රියැදුරු දියේ ගිලී අතුරුදන්
ඉරාන ප්‍රහාරයෙන් පසු යළි අරඹන්න ගිය කටාර් ස්වභාවික වායු පර්යන්තයක් පුපුරා යයි - 54 දෙනෙකුට තුවාල 18 දෙනෙකු අතුරුදහන්
වසරේ ප්‍රථම වතාවට දිනකදී ඩෙංගු ආසාදිතයන් 1,000 ඉක්මවයි
ඩොලරයේ විකුණුම් මිල රුපියල් 339.06ක් ලෙස සටහන් වෙයි
"මතක තියාගන්න.. ආපහු අවුරුදු ගාණකට වෙන ආණ්ඩුවක් එන්නේ නෑ" - මාලිමා මන්ත්‍රී අරුණ
"අඩුවට තෙල් ගෙනාවම අඩු මිලට දෙන්නම්" - නි. ඇමති රුවන්
රුපියල් කෝටි 6ක මත්ද්‍රව්‍ය සහ ලක්ෂ 6ක මුදල් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට