මෙරට ප්‍රවාහන ක්ෂේත්රයේ දැවැන්ත පෙරළියක් සිදුකිරීමේ අරමුණින්, ඩිජිටල් තාක්ෂණයේ ප්රමුඛයෙකු වන හෙළකුරු සහ දශක ගණනාවක පාරිභෝගික විශ්වාසය දිනාගත් ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය එක්ව හඳුන්වා දුන් ‘HelaGo’ දේශීය ටැක්සි සේවාව, සිය ගමන් මඟෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් කිලෝමීටර් මිලියනයක ගමන් සේවා කඩයිම පසුකර තිබේ.
2026 ජනවාරි මස 06 වැනිදා නිල වශයෙන් සිය සේවාවන් ආරම්භ කළ HelaGo, මාස 5ක් වැනි ඉතා කෙටි කාලයක් තුළ මෙරට මගී ජනතාවගේ මෙන්ම රියදුරන්ගේද දැඩි විශ්වාසය දිනාගනිමින් මෙම ජයග්‍රහණය අත්කර ගැනීම විශේෂත්වයකි. ආරම්භක අදියරේදී බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ HelaGo වෙත මේ වන විට 80,000කට අධික රියදුරන් සංඛ්‍යාවක් සහ විශාල මගී ජනතාවක් එක්ව සිටිති.
වත්මන් ටැක්සි සේවාවන් තුළ රියදුරන් සහ මගීන් මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් වන්නේ මිල තීරණ ක්‍රියාවලිය සහ එමඟින් ලැබෙන සාධාරණත්වය පිළිබඳ ගැටලුවයි. මෙයට සාර්ථක සහ විප්ලවීය විසඳුමක් ලබාදීමට HelaGo සමත්ව ඇත. එහිදී සාම්ප්‍රදායික ලෙස මධ්‍යගතව පාලනය වන මිල ක්‍රමවේදයට අමතරව, රියදුරු සහ මගීන් අතර ද්විපාර්ශ්වික එකඟතාව මත මිල තීරණය වන නවතම ක්‍රමවේදයක්ද HelaGo හඳුන්වා දී තිබේ.
මේ යටතේ මගියෙකු ගමන් අවශ්‍යතාවක් යොමු කළ විට, ඒ අවට සිටින රියදුරන් කිහිප දෙනෙකුට එම ගමන සඳහා තමන්ට යා හැකි සාධාරණ මිල ගණන් ඉදිරිපත් කළ හැකිය. එවිට මගියාට ලැබුණු මිල ගණන්, රියදුරන්ගේ ඇගයීම් (Rating) සහ වාහන වර්ගය වැනි තොරතුරු සසඳා බලා, තමන්ට වඩාත් ගැළපෙන සහ සාධාරණ වාහනය තෝරා ගැනීමට පූර්ණ නිදහස හිමි වේ.
මීට අමතරව, හදිසි ගමන් අවශ්‍යතා සහිත මගීන් සඳහා ඉතා ඉක්මනින් සහ පහසුවෙන් ටැක්සි රථයක් වෙන් කරවා ගැනීමට නවීනතම ‘Auto Booking’ පහසුකමද HelaGo වෙත ඇතුළත් කර ඇත. එමෙන්ම මගීන්ගේ සහ රියදුරන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉහළම ප්‍රමිතියෙන් යුතු තාක්ෂණික ආරක්ෂණ ක්‍රමවේදයන් ද HelaGo සේවාව සතු වේ.
දේශීය අනන්‍යතාව රැකගනිමින් ජනතාවට සාධාරණ සහ විනිවිදභාවයෙන් යුත් ප්‍රවාහන සේවාවක් සැපයීම අරමුණු කරගත් HelaGo සේවාව, නුදුරු අනාගතයේදී දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වෙතද ව්‍යාප්ත කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කරමින් සිටී.
Latest News
සතියක් තුළ ඩෙංගු තවාන් දැමු ගොතටුවේ පුද්ගලයන් 57කට සහ ආයතන 27කට ලක්ෂ 14ක දඩ
ගෝඨාභයගේ රිට් පෙත්සම සලකා බැලීම යළිත් ජූලි 06 වැනිදා
‘ඊසි කෑෂ්’ ක්‍රමයට ගාල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ අයෙක් හෙරොයින් සමඟ අත්අඩංගුවට
ඉන්දියාව සහ ඊශ්‍රායලය අතර ආරක්ෂක සබඳතා තවදුරටත් පුළුල් වෙයි
කොටස් වෙළෙඳපොළ ඒකක 47.91 කින් පහළට
2026 මුල් මාස පහේ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 7.3 ඉක්මවයි
16න් පහළ දරුවන්ට සෝෂල් මීඩියා තහනම් කරන්න ෆයිසර් මුස්තාෆාගෙන් පනත් කෙටුම්පතක්
බෝ නොවන රෝග පාලනයට උපාධිධාරී ඖෂධවේදීන්ගේ සේවය ලබාගැනීමට නව වැඩසටහනක්
රෝහිත් ෂර්මා ඉන්දියාවේ සිව්වැනි ඉහළම සිවිල් සම්මානය වන 'පද්ම ශ්‍රී' සම්මානයෙන් පිදුම් ලබයි
රිය අනතුරුවලින් පදිකයෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට