ගාල්ලේ තවත් ටින් මාළු කම්හලක්.

Monday, 14 January 2013 - 19:28

%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B7%85%E0%B7%94+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%84%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A.

මෙරටට අවශ්‍ය ටින් මාළු නිෂ්පාදනය කිරිම සඳහා තවත් මසුන් ඇසිරීමේ කම්හලක් ගාල්ලේ ඉදිකෙරෙනවා. දැනට ගාල්ල, පෑලියගොඩ, මුන්දලමේ මසුන් ඇසිරීමේ කම්හල් ක්‍රියාත්මකයි. නව ටින් මාළු කම්හල ඉදිකෙරෙන්නේ ද චීන සහායෙන්. ලින්නා සහ මැකරල් වර්ගයේ මසුන් මෙලෙස ඇසිරීම සඳහා යොදා ගනු ලබන අතර මෙරට නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඒ සඳහා අවශ්‍ය මසුන් ආනයනය කෙරෙන්නේ චීනයෙන්. ශ්‍රී ලංකාව දිනකට ඇසුරුම් කළ ටින් මාළු එක්ලක්ෂ 20,000ක් පාරිභෝජනය කරන අතර, දැනට මෙරට ක්‍රියාත්මක කම්හල් 3 මගින් නිෂ්පාදනය කෙරෙන්නේ 50,000ක් පමණයි. ටින් මාළු ආනයනය සඳහා ශ්‍රී ලංකාව වසරකට වැය කරන විදේශ විනිමය රුපියල් බිලියන 5.2ක්.