නව කජු ප්‍රභේදයක්.

Sunday, 03 March 2013 - 19:11

%E0%B6%B1%E0%B7%80+%E0%B6%9A%E0%B6%A2%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B7%E0%B7%9A%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.



හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික් ආශ්‍රිතව පිහිටා ඇති වෙනත් භෝග වගාවන් සඳහා යොදා ගත නොහැකි භූමියන්හි කජු වගාව සඳහා වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව කජු වගා කිරීමට කැමැති ගොවීන් හට නව කජු ප්‍රභේද හදුන්වාදීමටයි දැනට කටයුතු කරමින් ඇත්තේ. කජු වගාව ගොවීන් අතර ප්‍රචලිත කිරීම ද මෙහි එක් අරමුණක්. දැනට වෙළදපොළේ කජු කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 1500ත් 1800ත් අතර මිලකටයි. මෙමගින් ගොවීන්ට වැඩි ආර්ථික ප්‍රතිලාභයක් ලබා ගත හැකි බවයි රජය පෙන්වා දෙන්නේ.