හික්කඩුව වෙරළ තීරය දුකුණු අසියාවේ එකට.

Wednesday, 06 March 2013 - 8:54

%E0%B7%84%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%99%E0%B6%BB%E0%B7%85+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%BA+%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%91%E0%B6%9A%E0%B6%A7.

හික්කඩුව වෙරළ තීරයේ දකුණු ආසියාවේ ආකර්ශනීය වෙරළ තීරය බවට පත් කිරීමට සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව මෙම වෙරළ තීරයට යාබදව ඉදි කර තිබූ අනවසර ගොඩනැගිලි සහ තාප්ප ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. එමෙන්ම සංචාරකයින්ගේ අවධානය දිනා ගැනීම සඳහා හික්කඩුව වෙරළ තීරයේ විශේෂ සංචාරක ප්‍රවර්ධන සහ ක්‍රීඩා වැඩසටහන් රැසක් ඉදිරියේ දී ආරම්භ කරන බවයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ.  හික්කඩුව යුරෝපීය ඇතුළු විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනයට පත්ව ඇත්තේ වෙරළ තීරයේ සිට මීටර් 300ක් පමණ දුරින් පිහිටා ඇති කොරල් පර පිහිටීම හේතුවෙන්. මේ වන විට කොරල් පර විනාශ වෙමින් පවතින නිසා එම ප්‍රදේශය 2011 වසරේ දී සංචාරක ආරක්ෂක කලාපයක් ද නම් කෙරුණා.