මෙරට ක්‍රෙඩිට් කාඞ් වෙළඳපොලේ ඉහළ වර්ධනයක්.

Thursday, 07 March 2013 - 13:22

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%99%E0%B6%A9%E0%B7%92%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%9E%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%9A+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.



පසුගිය 2012 වසර තුළ මෙරට ක්‍රෙඩිට් කාඞ්පත්  වෙළඳ පොලේ ඉහළ වර්ධනයක් ඇතිවූ බව වෙළඳ පොළ දත්තවලින් අනාවරණය වනවා. මෙරට ණය කාඞ්පත් සංඛ්‍යාව පසුගිය වසරේදී ප්‍රථම වරට දස ලක්ෂය ඉක්මවා ගිය අතර සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 44 දක්වා ඉහළ ගියා. 2012 වසරේදී පමණක් නිකුත් කෙරුණු නව ක්‍රෙඩිට් කාඞ්පත් සංඛ්‍යාව 90 000 ඉක්මවන අතර එය පෙර වසරට සාපේක්ෂව සියයට 10.4 ක වර්ධනයක්. ක්‍රෙඩිට් කාඞ්පත් වර්ධනය මෙලෙස සියයට 10 ඉක්මවා ඇත්තේ අඛණ්ඩ දෙවැනි වසරටයි. 2011 වසරේදීද මෙරට සක්‍රීය ණය කාඞ්පත් සංඛ්‍යාව සියයට 11 කින් වර්ධනය වුණා.