හිටපු ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා අලුත් චරිත රංගනයක

Tuesday, 06 September 2022 - 14:16

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%90%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A0%E0%B6%BB%E0%B7%92%E0%B6%AD+%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A
තනතුර හැර ගිය පසු ද ලොව ජනප්‍රියතම ජනාධිපතිවරයෙකු ලෙස සැලකෙන හිටපු ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා හට වාර්තා චිත්‍රපටයක පසුබිම් කථනය වෙනුවෙන් වන එමී සම්මානය හිමි වී තිබෙනවා.

හිටපු ඇමෙරිකානු ජනාධිපතිවරයා අදාළ සම්මානය දිනාගෙන ඇත්තේ Netflix නාලිකාව ඔස්සේ විකාශය වූ \"අපේ මහා ජාතික වනෝද්‍යාන\" වාර්තා චිත්‍රපටියේ පසුබිම් කථනය වෙනුවෙන්.

පසුගිය සෙනසුරා දා පැවති Creative Arts Emmy සම්මාන උලෙළේ දී හිටපු ජනාධිපති බැරක් ඔබාමා සහ අභාවප්‍රාප්ත නළු චැඩ්වික් බොස්මන් (Chadwick Boseman) දිනාගත් සම්මාන විශේෂයෙන් කැපී පෙනුණා.

බැරක් ඔබාමා සහ මිෂෙල් ඔබාමාගේ රූපවාහිනී නිෂ්පාදන සමාගම වන හ‍යර් ග්‍රවුන්ඩ් (Higher Ground) නිෂ්පාදන සමාගම, ලොව පුරා ජාතික වනෝද්‍යාන සහ වන ජීවීන් පිළිබඳ කොටස් පහකින් යුත් රූපවාහිනි වාර්තා මාලාවක් නිර්මාණය කළා.

හිටපු ඇමරිකානු ජනාධිපතිවරයා අදාළ සම්මානය දිනා ගත්තේ, එම වාර්තා වැඩසටහන් මාලාවට පසුබිම් හඬ සපයමින්.

බැරක් ඔබාමා එමී සම්මානය දිනාගත් දෙවැනි එක්සත් ජනපද ජනාධිපතිවරයා වන අතර මීට පෙර ඩ්වයිට් අයිසන්හවර්ට ද මෙම රූපවාහිනී ඇකඩමිය විසින් ගෞරවනීය සම්මානයක් පිරිනමන ලද්දේ, ඔහු 1956 වසරේ දී ඔහු ජනපති ධූරයේ සිටිය දී යි.

සෙනසුරාදා පැවති මෙම සම්මාන උලෙළේ දී හදිසියේ අභාවප්‍රාප්ත වූ චැඩ්වික් බොස්මන් හට ද එමී සම්මානයක් හිමි වූයේ Disney+ සජීවිකරණ ක්‍රියාදාම මාලාවේ \"What If...?\" ටෙලි කථාංගයේ ඔහු Lord T\'Challa ලෙස හඬ කැවූ භූමිකාව වෙනුවෙන්.

තවත් Marvel නිෂ්පාදනයක් වන \"Black Panther\" චිත්‍රපටයේ Black Panther ලෙස රඟපෑ චැඩ්වික් බොස්මන් වයස අවුරුදු 43 දී පිළිකාවක් හේතුවෙන් මිය ගියේ වසර 2020 දී යි.