මහේෂ් බාබු අතිශයින් සංවේදී වූ මොහොත

Saturday, 08 October 2022 - 21:43

%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B7%82%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B6%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%92%E0%B7%81%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%AD
තෙළිඟු සිනමාව එහෙම නැත්තම් ටෙලිවුඩ්වල \"සුපර් ස්ටාර්\" කිව්වොත් ඔබ අනිවාර්යෙන්ම ඔහුව දැන අඳුනනවා.

නිළියන් රඟපාන්න පොර කන මේ කඩවසම් හාදයා, එදා වගේ ම අදත් තෙළිඟු සිනමාවේ රජ්ජුරුවෝ විදිහට මහා ඉහළකින් වැජඹෙනවා.

ඒ වගේ තමයි මහේෂ්ගේ චිත්‍රපට එහෙමත් කාලයෙන් කාලයට විශාල කතාබහට ලක්වන බව රහසක් නෙවෙයි.

විශේෂයෙන්ම ඔහු, රශ්මිකා සමඟ එක්ව රඟපෑ සුවිශේෂී සිනමා පටයත් බොහෝ දෙනෙක් ආදරයෙන් වැළඳගත්තා.

පසුගිය දිනෙක මහේෂ් ගොඩක් ආදරේ කරන කෙනෙක් හදිසියේ ම ජීවිතයෙන් සමුගත්තා. (ඒ සැප්තැම්බර් 28 වැනිදා)

ඒ වෙන කවුරුත් නෙවෙයි, ඉන්දිරා දේවි.. මහේෂ්ගේ ආදරණීය අම්මා.

ඇගේ අවසන් කටයුතු එදිනම සිදුකිරීමත් විශේෂත්වයක්.

චිත්‍රපට බොහෝමයක මහ ගොඩක් අහිමි වීම් වුණා වුණත්, සැබෑ ජීවිතේ මේ අහිමි වීම මහේෂ්ව තදින් රිද්දපු බව රහසක් නෙවෙයි.

ඒ ගැන ඔහුගේ සමීපතමයිනුත් සඳහන් කරලා තිබුණා.

මහේෂ් ඔහුගේ ආදරණීය අම්මාගේ අළු ගිල්වීම සඳහා පසුගිය දිනෙක හරිද්වාර් වෙත ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ ඇය වෙනුවෙන් ඔහු පූජාවක් ද පවත්වා තිබුණා.