අමිතාබ් බච්චන්ගේ බිරිඳ පැපරාසින් සමඟ ගැටෙයි

Saturday, 05 November 2022 - 21:47

%E0%B6%85%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B6%E0%B7%8A+%E0%B6%B6%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3+%E0%B6%B4%E0%B7%90%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%99%E0%B6%BA%E0%B7%92
බොලිවුඩය කියන්නෙ ඕපදූප ගොඩාක් ඒ කියනවා වගේ බොලිවුඩ්වල ඉන්න සුපිරි තරු දිහා මිනිස්සු ඇහැ ගහගෙන ඉන්නවා.

ඒ ඔවුන් ඒ අයට තියෙන දැඩි ආදරය නිසා.

අර ෂාරුක් වගේ දැවැන්තයෙක් බලන්න, වැල නොකැඩී මිනිස්සු “වන්දනාවේ” එන්නෙ ඒකයි..

ඒ විදිහට ජනප්‍රියත්වය කරදරයක්, බාධාවක් වුණු පිරිස් ද නැතුවාම නොවේ.

අමිතාබ් බච්චන්ගේ බිරිඳ ඡායා බච්චන් කියන්නෙත් ඒ විදිහට ජනප්‍රියත්වයට අකැමැති මාධ්‍යයට පවා නිරන්තරයෙන් දෙහි කපන චරිතයක්.

පසුගිය දවසක ජායාගේ එක්තරා වීඩියෝවක් සමාජ මාධ්‍ය කළඹමින් හුවමාරු වුණා.

ඒ ඇය පැපරාසින් කිහිප දෙනෙකුට බැණ වදින දර්ශන පෙළක්.

ආරක්ෂකයින් සහ පැපරාසීන් අතර උණුසුම් තත්ත්වයක් ද ඇති වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ.

“කොහොම ද ඔයා කැමරාව ඔන් කරන්නෙ අවසරයක් නැතුව?”

එසේම ඇය මේ විදිහට ත් මේ සිදුවීම ගැන කියා තිබුණා.

“මම ඒකට පිළිකුල් කරනවා. මම හෙළා දකිනවා. අපේ ජීවිතෙට ඇඟිලි ගහලා විකුණලා බඩ පුරවගන්න මිනිස්සුන්ට මම පිළිකුල් කරනවා. ඒ අය මට වෛර කරනවා, එවැනි අය ගැන මට පිළිකුලක් තියෙනවා. මම ඔවුන්ට නිතරම කියනවා, \'Aapko sharam nahi aati hai (තමුන්ලට ලැජ්ජාවක් දැනෙන්නේ නැද්ද?)”