සුරූපී නිළියකට සිනමාව තහනම් වෙයි

Sunday, 27 November 2022 - 21:55

%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B7%93+%E0%B6%B1%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ලොවක් වසඟයට ගත් තෙළිඟු සිනමාවේ බොහෝ දෙනකු ආදරය කරන රංගන ශිල්පිනියක් තමයි රශ්ම්කා මන්දනා කියන්නේ. \"ගීත ගෝවින්දම්\" චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයන් වසඟ කරගත් ඇය කාර්තික්ගේ \"සුල්තාන්\" චිත්‍රපටය හරහා දමිළ සිනමාවට පිවිසෙනවා.එසේම, තලපති විජෙයි සමඟත් රංගනයේ යෙදෙන්නට රශ්මිකා වරම් ලැබුණා.

මේ අතර පසුගියදා පැවති සම්මුඛ සාකච්ඡාවකදී රශ්මිකා සිය පළමු සිනමා නිර්මාණය වන Crik Party ගැන සඳහනක් කළා. කෙසේ වෙතත් චිත්‍රපටයේ නිෂ්පාදකයින් හෝ වෙන කිසිදු දෙයක් ගැන ඇය සඳහන් නොකිරීම ගැන බොහෝ දෙනෙක් විමතියට පත්ව තිබෙනවා.

බොහෝ දෙනෙක් ඇයට දෝෂාරෝපණය කර තිබුණේ ඇය තමන්ව පෝෂණය කළ කන්නඩ සිනමාව සම්පූර්ණයෙන් ම අමතක කර ඇති බවටයි. එමෙන්ම රශ්මිකාට කන්නඩ චිත්‍රපට ක්ෂේතයේ දොරගුළු වැසී යාමේ ඉඩකඩක් ද පවතින බවයි වාර්තා වන්නෙ.

එනම්, ඇතැම් විටෙක රශ්මිකාට කන්නඩ සිනමා පටවල රඟපෑම තහනම් වනු ඇති. Crik Party චිත්‍රපටයේ ඇය රඟපෑ නළුවා සමඟිනුයි ඇය පසු කලෙක විවාහ ගිවිස ගත්තෙ. නමුත් රශ්මිකා එම විවාහයෙන් වෙන් වුණා.