තලපති විජේයි youtube කළඹයි

Wednesday, 04 January 2023 - 19:37

%E0%B6%AD%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%9A%E0%B6%BA%E0%B7%92+youtube+%E0%B6%9A%E0%B7%85%E0%B6%B9%E0%B6%BA%E0%B7%92
තලපති විජේයි රඟන Varisu චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මීට මොහොතකට පෙර අන්තර්ජාලය වෙත මුදාහැරුණා.

වීඩියෝව නිකුත් කර පැය දෙකක් ගෙවී යන්නටත් කලින් එහි නැරඹුම් වාර ගණන මිලියන දෙකේ සීමාව ඉක්මවා තිබීමත් විශේෂත්වයක්.

පසුගිය දිනෙක චිත්‍රපටයේ Audio Launch එකත් විශේෂ පුද්ගලයින් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා.

ඒ මොහොතේ විජේයි සමඟ මෙම චිත්‍රපටයේ රංගනයේ යෙදෙන රශ්මිකා අපූරූ කතාවක් කිව්වා.

ඇය කිව්වේ විජේයි සමඟ රඟපෑම තමන්ගේ හීනයක් වුණා කියලයි.

\"මම මුලින්ම මගේ තාත්තාත් එක්ක ගිල්ලි ෆිල්ම් එක පළවැනි දවසෙ බැලුවා. එදා ඉඳන් විජේයි තමයි මගේ ක්‍රශ් එක. අද මම එයත් එක්ක රඟපානකොට, හැම සීන් එකේම එයාව ලයිව් බලලා සතුටු වුණා. දමිළ සිනමාවේ විජේයි සර් එක්ක රඟපානවා කියන්නෙ මට ඉස්සරහාට තවත් චාන්සස් හම්බෙයි..\"