‘ජවාන්’ පූර්ව ප්‍රචාරක පටය නිකුත් වෙයි

Thursday, 31 August 2023 - 19:35

%E2%80%98%E0%B6%A2%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%99+%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%B4%E0%B6%A7%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
දමිළ චිත්‍රපට ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ අධ්‍යක්ෂකවරයකු ලෙස ඉදිරියට එන ඇට්ලී (Atlee) මේ දිනවල ‘ජවාන්’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිටිනවා.

ශාරුක් ඛාන් මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන බවයි වාර්තා වෙන්නේ.

Nayanthara ප්‍රධාන නිළිය ලෙස රංගනයෙන් දායක වන චිත්‍රපටයේ දුෂ්ට චරිතයට Vijay Sethupathi රංගනයෙන් දායක වන බවයි සඳහන් වෙන්නේ.

යෝගී බාබු, දීපිකා පදුකෝන්, ප්‍රියමනී (Priyamani) ඇතුළු තවත් පිරිසක් රංගනයෙන් දායක වී තිබෙනවා.

Anirudh මේ චිත්‍රපටිය හරහා බොලිවුඩ් චිත්‍රපට ලෝකයේ සංගීත නිර්මාපකයෙකු (Music Director) ලෙස සිය මංගල ගමන ආරම්භ කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.

‘ජවාන්’ චිත්‍රපටය ලබන 7 වැනිදා සිනමාහල්වල තිරගත වීමට නියමිත අතර ‘ජවාන්’ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය (Trailer) නිකුත් වී තිබෙනවා.

මේ ට්‍රේලරය රසිකයෝ අන්තර්ජාලයේ බොහෝ සෙයින් හුවමාරු කරමින් සිටින බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.