ට්විටර් වෙත නව වෙනසක්

Saturday, 02 September 2023 - 16:52

%E0%B6%A7%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%AD+%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
ලොව ධනවත්ම පුද්ගලයා වන Elon Musk පසුගිය වසරේ ට්විටර් හිමිකර ගනු ලැබුවා.

Elon Musk Twitter මිලදී ගැනීමෙන් පසු බොහෝ වෙනස්කම් සිදු කළ අතර පසුගියදා Twitter නම වෙනස් කිරීමටද කටයුතු කරනු ලැබුවා.

මෙම අවස්ථාවේදී Elon Musk විසින් Twitter පහසුකම් පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ X අඩවියට වීඩියෝ සහ ශ්‍රව්‍ය ඇමතුම් පහසුකම් ළඟදීම හඳුන්වා දීම පිළිබඳවයි.

එයට දුරකථන අංකයක් අවශ්‍ය නොවන අතර එය අද්විතීය වනු ඇති බවයි මස්ක් X අඩවියේ සඳහන් කර ඇත්තේ.