ජවාන් පළමු දිනයේ වාර්තාවක් තබයි

Friday, 08 September 2023 - 20:14

%E0%B6%A2%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
\'ජවාන්\' යනු දෙමළ චිත්‍රපට ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ අධ්‍යක්ෂකවරයෙකු වන ඇට්ලී විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටයක්.

ශාරුක් ඛාන් සහ නයන්තාරා මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන අතර චිත්‍රපටයේ දුෂ්ටයාගේ චරිතයට පණ පොවන්නේ Vijay Sethupathi විසින්.

යෝගී බාබු, දීපිකා පදුකෝන්, ප්‍රියමනී ඇතුළු තවත් පිරිසක් රංගනයෙන් දායක වී තිබෙනවා.

ජවාන් චිත්‍රපටිය ඊයේ (07) සිනමාහල් දහසකට අධික ප්‍රමාණයක තිරගත වුණා.

ඒ අනුව \'Jawaan\' චිත්‍රපටය පළමු දිනයේම ලොව පුරා කෝටි 129.6කට අධික ආදායමක් උපයාගෙන ඇති බව අධ්‍යක්ෂක ඇට්ලී සිය සමාජ මාධ්‍ය පිටුව ඔස්සේ නිවේදනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.