ඌරෙකුගේ සිරුර තුළ මිනිස් වකුගඩුවක් වර්ධනය කිරීමට විද්‍යාඥයින් සමත් වෙයි

Monday, 11 September 2023 - 21:22

%E0%B6%8C%E0%B6%BB%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%A5%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
දින 28ක් පුරා සිදුකර ඇති පරීක්ෂණයක ප්‍රතිඵල ලෙසින් මිනිසුන්ට බද්ධ කිරීමේ අරමුණෙන් ඌරෙකුගේ සිරුර තුළ මිනිස් වකුගඩුවක් වර්ධනය කිරීමට චීන විද්‍යාඥයින් සමත්වී තිබෙනවා.

ගර්භනී ඌරෙකුගේ කළලය තුළ මෙසේ වකුගඩුව වර්ධනය කිරීම සිදු කර තිබෙනවා.

එසේ සිදුකර ඇත්තේ මින් පෙර පරික්ෂා කර ඇති පරිදි වැඩුණු ඌරෙකුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් අවයවය ප්‍රතික්‍ෂේප කිරීම නිසයි.

මිනිස් අවයව පරිත්‍යාගශිලින් වෙනුවෙන් බලා නොසිට රෝගීන් සුවපත් කිරීමට මෙමගින් හැකියාව ලැබෙන අතර දහස් ගණනක් මිනිසුන් මියයාම වැළක්වීම සඳහා මෙය යොදා ගත හැකි බවයි වාර්තා වෙන්නේ.