වයස්ගතම බැළලිය ලෙස ෆ්ලෝස් ගිනස් පොතට එක්වෙයි

Saturday, 16 September 2023 - 14:49

%E0%B7%80%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B6%AD%E0%B6%B8+%E0%B6%B6%E0%B7%90%E0%B7%85%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B7%86%E0%B7%8A%E0%B6%BD%E0%B7%9D%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ගිනස් ලෝක වාර්තාව මගින් ලොව වයස්ගතම බැළලිය ලෙස බ්‍රිතාන්‍යයේ ෆ්ලෝස් බැළලිය කිරුළු පළඳා තිබෙනවා.

ෆ්ලෝස් බැළලිය වයස අවුරුදු 27වන අතර මිනිස් වයසින් බලන විට අවුරුදු 120ක් පමණ වයසැති බවයි වාර්තා වන්නේ.

මෙම බැළලිය බිහිරි මෙන්ම සහ පෙනීම දුර්වල බවයි හිමිකරු වන විකී ග්‍රීන් විසින් ගිනස් ලෝක වාර්තාවට සඳහන් කර තිබෙන්නේ.

හිමිකරු වන විකී ග්‍රීන් වැඩිදුරටත් පවසන්නේ මෙම බැළලිය ආදරණිය හා හොඳ සෞඛ්‍ය සම්පන්නව සිටින බවයි.