ඩොලර් මිලියන 1.1 කට අලෙවි වුණ ඩයනා කුමරියගේ බ්ලැන්කට්ටුව

Sunday, 17 September 2023 - 15:55

%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+1.1+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92+%E0%B7%80%E0%B7%94%E0%B6%AB+%E0%B6%A9%E0%B6%BA%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B7%8A%E0%B6%BD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80
වෙන්දේසියකදී ඩයනා කුමරියගේ සීත කබායක් අමෙරිකානු ඩොලර් මිලියන 1.1 ක මුදලකට අලෙවි වී තිබෙනවා.

එලෙස අලෙවි වී ඇත්තේ ඩයනා කුමරිය විසින් භාවිත කළ සංකේතාත්මක රතු පැහැ සීත කබායක්.

එහි සුදුපැහැ බැටළුවන් සිටින අතර එක් බැටළුවෙක් පමණක් කළු පැහැයෙන් වර්ණ ගන්වා තිබෙනවා.

එබැවින් එම සීත කබාය ප්‍රසිද්ධියට පත්ව තිබුණේ බ්ලැක් ෂීප් ලෙසයි.

එම කබාය ඩයනා කුමරිය විසින් චාල්ස් කුමරු සමඟ විවාහ ගිවිස ගැනීමෙන් අනතුරුව පැලඳ සිටි සංකේතාත්මක සීත කබායක් ලෙස ප්‍රකටයි.