සඳේ වයස වෙනස් වෙයි

Sunday, 29 October 2023 - 13:23

%E0%B7%83%E0%B6%B3%E0%B7%9A+%E0%B7%80%E0%B6%BA%E0%B7%83+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
සඳේ වයස පෙර අපේක්ෂා කළ මට්ටමට වඩා වසර මිලියන 40කින් වැඩි බවට අනාවරණයක් සිදුකර තිබෙනවා. ඒ, ඇපලෝ 17 මෙහෙයුමෙන් රැගෙන ආ චන්ද්‍ර සාම්පලවල නවතම විශ්ලේෂණයකින් පසුවයි.

එම මෙහෙයුමෙන් කිලෝ ග්‍රෑම් 115 ක පමණ සාම්පල ප්‍රමාණය රැගෙන විත් තිබුණා.

ඒවායේ තිබෙන ස්ඵටිකවල මතුපිට ස්ථරවල අඩංගු රසායනිකයන් පරීක්ෂාවෙන් අනාවරණ වී ඇත්තේ පෘථිවිය බිහිවීමෙන් වසර මිලියන 80 කට පසු ව චන්ද්‍රයා බිහි වී ඇති බවයි.

එය මෙතෙක් ගණනය කළ වසර ගණනට වඩා තවත් වසර මිලියන 40 කින් ඉහළ තත්වයක්.