ලොව සරාගීම මිනිසා පැට්‍රික් ඩෙම්ප්සේ වෙයි

Tuesday, 14 November 2023 - 8:09

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B7%83%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%93%E0%B6%B8+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%B4%E0%B7%90%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A9%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ලොව ජීවත්ව සිටින සරාගීම මිනිසා ලෙසට පැට්‍රික් ඩෙම්ප්සේ සමත් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

පැට්‍රික් ලොව සරාගී පුද්ගලයා ලෙස කිරුළු පළදින්නේ ඒ කිරුළට හිමිකම් දරන දෙවැනි වයස් ගත පුද්ගලයා ලෙසයි.

ඔහු 57 වියෙහි පසුවන අමෙරිකානු ජාතිකයෙක් වන අතර, ජනප්‍රිය හොලිවුඩ් නළුවෙක් ද වනවා.

ජයග්‍රාහණය පිළිබඳව ඔහු විදෙස් මාධ්‍යට පවසා ඇත්තේ \'\' මගේ ජීවිතයේ මේ අවස්ථාවේදී එය සිදු වීම ගැන මම සතුටු වන \'\' බවයි

ඔහු නළුවෙක් මෙන්ම මෝටර් රථ ධාවන ශූරයෙක් බවයි සඳහන් වන්නේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ලොව කඩවසම් පිරිමින් අතරට ද ඔහු සැළකෙන බවයි.