BTS සාමාජිකයින්ගෙන් රසිකයින්ට ඉල්ලීමක්

Tuesday, 12 December 2023 - 16:35

BTS+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
BTS සංගීත කණ්ඩායමේ සාමාජිකයින් වන J-Hope සහ Suga මාස කිහිපයකට පසුව හමුදා පුහුණුවට බඳවා ගත් අතර, පසුව කණ්ඩායමේ නායකයා වන RM සහ V ඊයේ(11) එක් වී අවසාන් සාමාජිකයින් දෙදෙනා වන Jimin සහ Jungkook අද(12) හමුදා සේවය ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඔවුන් සියලු රසිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ හමුදා පුහුණුව ලබන විට දී ඔවුන් බැලීමට හමුදා කඳවුරුවලට නොපැමිණෙන ලෙසයි.

එ‍යින් අනෙත් සොල්දාදුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට කරදරයක් විය හැකි බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ.

දකුණු කොරියාව තවමත් උතුරු කොරියාව සමඟ යුද්ධයක යෙදී සිටින අතර, අනිවාර්ය අවශ්‍යතා සපුරාලීමට ඔවුන් අපේක්ෂා කරන බව‍යි වැඩිදුරටත් සඳහන් වන්නේ.