තලපති විජෙයි ලංකාවට ?

Saturday, 30 December 2023 - 23:05

%E0%B6%AD%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%3F
චිත්‍රපටයක රූගත කිරීමක් සඳහා තලපති විජෙයි ලංකාවට පැමිණීමට නියමිත බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

වෙන්කට් ප්‍රභූ අධ්‍යක්ෂණය කරනු ලබන මෙම අලුත් චිත්‍රපටය නම් කර ඇත්තේ Thalapathy 68 ලෙස බවයි වාර්තා වන්නේ.

Yogi Babu, Prashan, Mohan, Prabhu Deva, Jayaram, Ganesh, Ajmal Ameer, Vaibhav, Premjee, Sneha, Laila මේ සඳහා රංගනයෙන් දායකවන බව ද සඳහන්.

Kalpathi S Agoram විසින් නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටය යුවන් ශංකර් රාජා විසින් රචනා කර තිබෙනවා.

චිත්‍රපටයේ පළමු අදියරේ රූගත කිරීම් පසුගිය දා හයිද්‍රාබාද්හිදී පවත්වා ඇති අතර අලුත් අවුරුද්ද හේතුවෙන් රූගත කිරීම් කල් දමා ඇති බවයි වාර්තා වන්නේ.