මිස්ටර් බීස්ට්ගේ වීඩියෝවකට X සමාගමෙන් ඩොලර් 263,655ක්

Saturday, 27 January 2024 - 12:55

%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B6%E0%B7%93%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+X+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A+263%2C655%E0%B6%9A%E0%B7%8A
YouTube සමාජ මාධ්‍ය වේදිකාවේ කැපී පෙනෙන චරිතයක් වන මිස්ටර් බීස්ට්ට, ඔහු විසින් X හි පළ කරන ලද වීඩියෝවක් වෙනුවෙන් ඩොලර් 263,655 ක විශාල මුදලක් X සමාගම විසින් ප්‍රදානය කර තිබෙනවා.

මිස්ටර් බීස්ට් යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ජිමී ඩොනල්ඩ්සන් (Jimmy Donaldson) එම වීඩියෝව සිය X ගිණුමේ පසුගිය ජනවාරි 16 වන දා පළ කර තිබෙනවා.

\"$1 Car vs $100,000,000 Car!!!\" යන නමින් ඔහු එම වීඩියෝව නම් කර තිබෙන අතර මින් පෙර ඔහු එම වීඩියෝව සිය YouTube නාලිකාවේ ද පළ කර ඇති බව සඳහන්.

ඩොනල්ඩ්සන් සහ ඔහුගේ මිතුරන් ඩොලර් 1 සිට ඩොලර් මිලියන 100 දක්වා වටිනාකමකින් යුතු විවිධ වර්ගයේ මෝටර් රථ අනතුරට ලක්කර ධාවනය කරන ආකාරය එම වීඩියෝවේ දැක්වෙනවා.

ඔහු ඩොලර් 1ට මිල දී ගන්නා මෝටර් රථය මලකඩ ආදිය බැදුණු ඉතාමත් අබලන් තත්ත්වයේ මෝටර් රථයක් වන අතර ඔහු ඩොලර් මිලියන 100කට මිල දී ගන්නේ Ferrari සමාගමේ නවීන මෝටර් රථයකි.

මෙම වීඩියෝව සඳහා Tesla, Lamborghini, Bugatti, hydrogen කාර් ආදි වශයෙන් වූ සුඛපභෝගී මෝටර් රථ 12ක් යොදා ගෙන තිබෙනවා.

මේ වන විට එම X වීඩියෝවට 496,000 likes සහ මිලියන 171ක views ප්‍රමාණයක් ලැබී තිබෙනවා.

25 හැවිරිදි මිස්ටර් බීස්ට් යනු විශාල මුදල් ප්‍රමාණයක් වැය කරමින් විවිධ ආකාරයේ වෙනස් වීඩියෝ Youtube හි පළ කරන්නෙකු වනවා.

ඔහුගේ YouTube නාලිකාවේ මිලියන 235කට අධික subscribers ප්‍රමාණයක් සිටින අතර එය තනි පුද්ගලයෙක් සතුව පවතින වැඩිම subscribers ප්‍රමාණය ඇති YouTube නාලිකාව ලෙස වාර්තාවක් ද හිමි කර ගෙන තිබෙනවා.

ඔහුගේ X ගිණුමේ ද මේ වන විට Followers මිලියන 28.2 ක් සිටිනවා.