මිනිසෙකුගේ මොලයට සාර්ථකව \'චිප් එකක්\' බද්ද කෙරේ

Tuesday, 30 January 2024 - 13:52

%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%9C%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A%E0%B7%80+%5C%27%E0%B6%A0%E0%B7%92%E0%B6%B4%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A%5C%27+%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
Elon Musk ආරම්භ කළ Neuralink ආයතනය විසින් පළමු වරට සාර්ථක ලෙස මිනිසෙකුගේ මොලයේ \'චිප් එකක්\' බද්ද කිරීමක් සිදු කර තිබෙනවා.

මෙම තාක්ෂයේ පෙරලිය අත්හදා බැලීම සඳහා එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලන ආයතනයේද අනුමැතිය ලබා දී ඇති බවයි වාර්තා වෙන්නේ.

කෙසේ වෙතත් මෙම Neuralink ආයතනය විසින් නිෂ්පාදනය කල විපල්වීය චිප් එක \'ටෙලිපති\' ලෙස නම් කල බවයි ELON Musk විසින් වැඩිදුරටත් සඳහන්කර සිටියේ.

මේ අතර මෙමෙ චිප් එක බද්ද කිරීමෙන් අත් පා වල අංශභාග තත්ත්වයන්ට මුහුණ දී ඇති පුද්ගලයන්ට ඔවුන්ගේ සිතුවිලි සමග බාහිර උපාංග පරිහරණය කිරීමට හැකිවන පරිදි අවස්ථාව උදා කරදීමට හැකි බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ

කෙසේ වෙතත් මෙය එවැනි රෝගී තත්ත්වයන්ට මුහුණ පා ඇති රෝගීන්ට නව බලාපොරොත්තුවක් සමග අලුත් ජීවිතයක් ගත කිරීමට මෙම නිෂ්පාදනය ඉවහල් වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන්කර සිටියේ.