Universal Music සමුහයේ සංගීත කොටස් TikTokවලින් ඉවත් කිරීමට තීරණයක්

Saturday, 03 February 2024 - 11:55

Universal+Music+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B7%93%E0%B6%AD+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+TikTok%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
TikTokහි සංසරණය වූ Universal Music සමූහය අයත් සියලුම සංගීත කොටස් ඉවත් කිරීමට TikTok සමාගම තීරණය කර තිබෙනවා.

ඒ Universal Music සමූහය සහ TikTok සමාගම අතර පැවැති ගිවිසුම අලුත් කිරීමට නොහැකිවීම හේතුවෙන් බවයි සඳහන් වන්නේ.

Universal Music සමූහය ඔවුන්ගේ කොන්ත්‍රාත්තු අලුත් කිරීමේ සාකච්ඡාවලදී සුදුසු කලාකරුවන් සහ ගීත රචකයින්ට වන්දි ලබා දෙන ලෙස TikTok
වෙත බලපෑම් කර තිබෙනවා.

මේ සඳහා TikTok සමාගම එකඟ නොවුනොත් එම ආයතනයට අයත් සියලුම ගීත සේවාවන් ඉවත් කරන බව Universal Music සමූහය පවසනවා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ Taylor Swift, Drake සහ Olivia Rodrigo වැනි ප්‍රකට ගායන ශිල්පීන්ගේ බොහෝ ගීත තවදුරටත් TikTok ජාලයේ දැකගත නොහැකි වනු ඇති බවයි.