ෆේස්බුක් 20 වන සංවත්සරය සමරයි

Sunday, 04 February 2024 - 16:48

%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+20+%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%BB%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ෆේස්බුක් සමාජ මාධ්‍ය යෙදවුමට අදට වසර 20ක් සපිරෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ලොව විශාලතම සමාජ මාධ්‍යජාලය වන ෆේස්බුක්හි බිලියන තුනකට අධික පරිශීලකයින් පිරිසක් සක්‍රීයව තම ෆේස්බුක් පිටු පවත්වාගෙන යන අතර අද වන විට ෆේස්බුක් ඩිජිටල් කෞතුකාගාරයක් බවටද පත්ව ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් ෆේස්බුක් අද සිය 20 වන සංවත්සරය සමරනු ලබන්නේ, එහි නිර්මාතෘ වන මාර්ක් සකර්බග් සමාජ මාධ්‍ය හරහා දරුවන්ට සිදුවූ හානි පිළිබඳ ඇමරිකාවේ සෙනෙට් සභාව හමුවේ විභාග වූ නඩුවක දී සමාව අයැද ඇති පසුබිමක් තුළයි.